• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒ අය ආණ්ඩු කරද්දි ණය අරන් දැන් අපිට චෝදනා කරනවා! අද ජනතාව ගෙවන්නේ ඒ වන්දිය! විපක්ෂයට කිසිම වැඩපිළිවෙළක් නෑ!

March 28, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඒ අය ආණ්ඩු කරද්දි ණය අරන් දැන් අපිට චෝදනා කරනවා! අද ජනතාව ගෙවන්නේ ඒ වන්දිය! විපක්ෂයට කිසිම වැඩපිළිවෙළක් නෑ!
Share on WhatsAppShare on Facebook

තමන් ආණ්ඩු කළ සමයේදී විදෙස් ණය යහමින් ලබාගත් වර්තමාන විපක්ෂයට රජයට විරුද්ධව චෝදනා එල්ල කරනවා හැර ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

තමන්ගේ යුගයේ දී ආර්ථිකයට කළ දැවැන්ත හානියේ වන්දි ගෙවන ජනතාව වර්තමානයේදී ද රැවටීමට යළිත් උත්සහදැරීම කනගාටුම කරුණක් බවද මෙහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේද කීය.

“මේ වන විට රට තුළ ඉන්ධන අර්බුදයකට මුහුණ දීලා තිබෙන වේලාවක්. මේ අවස්ථාව කළමණාකරණය කර ගැනීම සඳහා රජයක් හැටියට අපි රටේ අවශ්‍යතාවයට ඉන්ධන නෞකා ගෙන්වා ගැනීමේ වැඩ කටයුත්ත ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය තුළින් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව අද උදේ නෞකාවක් මෙක්ට්‍රින් ටොන් 35,300 ක් ගොඩබිමට බාලා එය අවසන් කරලා තිබෙනවා. ඒ වගේම හෙට දවස වන විටත් නෞකාවක් ඩිසල් මෙට්ට්‍රික් ටොන් 21,600 ක් සහ ගුවන් යානා ඉන්ධන 22,190 ක් ගොඩබාන්න අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. තවත් නෞකාවක් ඩිසල් මෙට්ට්‍රික් ටොන් 37,300 ක් සමඟ හෙට දවසේ එනවා. අප්‍රේල් මාසයේ 02 ඩිසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් ණය ආධාර යටතේ අපි ලංකාවට අවශ්‍ය කරන ඉන්ධන ටික ගෙන්වන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තිබෙනවා. අපි පහුගිය වසරවල, පහුගිය මාසවල අපේ රටට ආනයන කරන ඉන්ධන තොගත් සමඟ සන්සන්දනාත්මකව බලන විට අපිට පැහැදිලිව පේනවා ඒ ප්‍රමාණයට වැඩියෙනුත් ඉන්ධන ඇවිත් තිබෙනවා. නමුත් දැන් අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ අර්බුදය නිර්මාණය වෙලා තිබෙන නිසා අපිට පේනවා පැහැදිලි ලෙසම තෙල් ලබා ගන්නා තැන්වල පෝලිම් තිබෙනවා.

අද විපක්ෂය හරියට චෝදනා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි මේ සියල්ල නිර්මාණය කළේ කියලා. අපි දන්නවා මේ කොව්ඩ් අර්බුදයත් එක්ක මුළු ලෝකයේම අර්ථිකය කඩාගෙන වැටෙන තත්වයකට මුහුණපාන්න සිදු වුණේ. එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රිතුමන්ලා ප්‍රකාශ කරනවා ඩොලර් නැති වුණේ කොහොමද කියලා. නමුත් ඔවුන් හම්බන්තොට වරාය විකුණලා ඩොලර් බිලියන 1.1 ගත්තා. ඒ මුදල් අරගෙන කුමක්ද කළේ කියලා මම අහනවා. ඒ ණය වාරිකයද නොගෙවා මොනවාද කළේ. ඒ මුදල්වලින් කරපු කිසි දෙයක් තිබුණේ නෑ. ඒ කාලයේ කිසිදු ප්‍රශ්නයක් රට තුළ තිබුණේ නෑ. හම්බන්තොට වරාය විකුණා දමන අවස්ථාවේ ලෝකයේ තෙල් බැරලයක මිල ඉතා පහළ මට්ටමක තිබ්බේ. අද වන විට දවස ගාණේ තෙල් මිල ඉහළ යනවා.එවැනි අර්බුදකාරි තත්වයක තමයි මේ තත්වය උදාවෙලා තිබෙන්නේ. ඒ නිසා එදා ඒ තත්වය ඇති කරපු අය අවුරුදු 05 ක් රට පාලනය කරලා එහෙන් පිටින්ම ආර්ථිකය කඩා බිඳලා , සංචාරක ව්‍යාපාරය කඩා බිඳදාලා, පාස්කු ප්‍රහාරයකට රට ගොදුරු කරලා දැන් ආර්ථිකය පිළිබඳව කියන්න එනවා.

අතිගරු ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සුමළුවක් කැදෙව්වා. එතනදි හැම කෙනෙකුටම යෝජනා අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. එක එක තැන්වල ගිහින් ප්‍රකාශ නිකුත් නොකර තමන්ගේ යෝජනාව සමුළුවේදි ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් එහිදි සමහරුන්ට එන්න පුළුවන් කමක් නෑ.

අපි මේ වන විට IMF ගැන සාකච්ඡා කරනවා. ඔවුන් කොන්දේසි ගණනාවක් කියලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සිංහල අවුරුද්දට පෙර පවත්වන පාර්ලිමේන්තු සැසිවාරයේදී IMF සම්බන්ධයෙන් විවාදයක් කරන්න. ඒ වගේම IMF යන්න කියන පිරිසම IMF විසින් අපිට කොන්දේසි පනවන විට අපිට නොයෙක් දේවල් කියයි.

අද කවුරුත් කොවිඩ් ගැන කතා කරන්නේ නෑ. ඒ ගැන කතා කරන්නේ නැත්තේ කොවිඩ් පාලනය කරලා තිබෙන නිසා. අද කොවිඩ් පාලනය කරන්න පුළුවන්කම ලැබීම නිසා රටේ ජනතාවට නිදහසේ ඉන්න පුළුවන් වෙලා තිබෙනවා. කොවිඩ් පාලනය කිරීමට එන්නත් ගේන විට නොයෙක් විවේචනයන් සිදු වුණා. නමුත් අද පුළුවන්කම ලැබිලා තිබෙනවා අද අපිට රට විවෘත කරගෙන, රට ඉදිරියට යන්න. අපි මේ ආර්ථික අර්බුදය ජය ගන්නවා. නමුත් විපක්ෂය දැන් බොරදියේ මාළු බාන්න සූදානම් වෙනවා. නමුත් අපි රජයක් විදිහට මේ අභියෝගය ජයගෙන සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරගෙන, අපනයන ක්‍ෂේත්‍රය ශක්තිමත් කරමින් සහ අනෙකුත් අපිට ආදායම් ලැබෙන මාර්ග ශක්තිමත් කරලා අපි මේ ආර්ථික අර්බුදය අනිවාර්යෙන් ජයගන්නවා.”

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාද අදහස් දක්වමින්,
“පසුගිය දිනවල විපක්ෂය, අපේ පක්ෂයේ ඉඳලා කුමන්ත්‍රණ කරලා එළියට ගිය පිරිසගේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබුණේ IMF වාර්තා සම්බන්ධවයි. මේ පිරිස් බලාපොරොත්තු වුණා මේ වාර්තාව තුළින් අපගේ රජයට යම්කිසි විවේචනයක් එල්ල කරයි කියලා. නමුත් ඒ වාර්තාව හැමටම බලා ගන්න පුළුවන් අතර ඒ වාර්තාවේ ඉතා පැහැදිලිව තිබෙනවා ඇතිවෙච්ච ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතු. මේ රටේ ජනතාවට ඉතා පැහැදිලිව මේ අර්බුදය නිර්මාණය කරලා තිබෙන්නේ කවුද කියලා. හැබැයි අපි දන්නවා මේ අවස්ථාවේ ලෝකයේ යම්කිසි ආර්ථික අර්බුදයක් තිබෙනවා කියලා. අපේ රටෙත් විදේශ විනිමය අර්බුදයක් තිබෙනවා. ජනතාවට ද අපහසුකම් තිබෙනවා. අපි ජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා. මෙවැනි අර්බුදකාරි තත්වයන් අපේ රටේ විතරක් නොවේ, ලෝකයේ ධනවත් රටවල්වල ද මේ ලෝක තෙල් මිල ඉහළ යාම නිසා බලවත් ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටිනවා. නමුත් මේ ආර්ථිකය යථාවත් කිරීම, යථාවත් කර ජනතාවට සහන සැලසීම, ජනතාවගේ ජිවන තත්වය ඉහළ නැංවීම ඒ වගකීම රජයක් විදිහට භාර ගන්නවා. අපි ජනතාවට පොරොන්දුවක් දෙනවා අපි ඉතාම කෙටි කාලයකින් මේ දේ ඉෂ්ඨ කර දෙනවා කියලා.
ඒ වගේම ඉතා උගත් යැයි කියා ගන්නා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් රාජ්‍ය බැංකු පද්ධතිය සම්බන්ධයෙන් කිසිඳු පදනමක් රහිතව සම්පූර්ණයෙන්ම බැංකු පද්ධතිය කඩා වැට්ටවීමේ එකම දුෂ්ට චේතනාවේ අරමුණ ඇතිව සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් සිදු කළා. මෙවැනි දේවල් රටට ආදරය කරන පුද්ගලයෙක් නම් කවදාවත් කරන්නේ නෑ. මේ රටේ කිසිදු රාජ්‍ය බැංකුවක කිසියම් හෝ මූල්‍ය අර්බුදයක් නෑ. සියලු රාජ්‍ය බැංකු මූල්‍ය වශයෙන් ඉතා ස්ථාවර ඉතා හොඳින් පසුගිය වසරේ දැඩි ලාභයකුත් ලබා ගෙන ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. මෙවැනි අවස්ථාවක රටේ අර්බුද ඇතිකරලා මේ රට විනාශ කරන්න කටයුතු කරන්න උත්සහ දරනවා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම මේ රටේ ජනතාව සිදු කළ යුතුයි කියන ඉල්ලීම සිදු කරනවා.” යනුවෙන් මෙහිදි සඳහන් කළේය.

SendShareShare
Previous Post

රනිල් අරින බොරු ප්‍රචාරය අතේ පත්තු වෙයි! පොදුජන පෙරමුණ විශේෂ නිවේදනයක් කරයි! (VIDEO)

Next Post

ජයශංකර් ජනපති හමුවෙයි! ණය දුන්නාට ජනපති විශේෂ ස්තූතියක් කරයි!

MORE NEWS

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

Load More
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ පළකළ සටහනක් මේ වනවිට...

Read more
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.