• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එයාලද කාලකණ්ණි! මෙයාලද කාලකණ්ණි!

August 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
එයාලද කාලකණ්ණි! මෙයාලද කාලකණ්ණි!
Share on WhatsAppShare on Facebook

එන්න අපි ගුරුවරුන්ට ගල් ගහමු. මොකද මේක තමයි ඒකට ගැළපෙනම වෙලාව. සාමාන්‍යයෙන් ගුරුවරුන්ට ගල් ගහන්න ලේසියි. එයාලට පර්මිට් වාහන නෑ. ලොකු ගෙවල් නෑ. බොඩිගාඩ්ල නෑ. ඒ නිසා ගුරුවරු මඟතොටේදි මුණගැහෙනවා. ගුරුවරු බස්වල යනවා. ගුරුවරු බස් නැවතුම්පොළවල ඉන්නවා. ගුරුවරුන්ට ගල් ගහන එක ලේසියි. ඒත් අවාසනාවකට ගුරුවරයෙක්ට ගලක් ගහන්න ඉස්කෝලෙ ගිය එකෙක්ට හිත හදාගන්න බෑ කියන එක වෙනමම කතාවක්. හැබැයි ඉස්කෝලෙ නොගිය, ඉස්කෝලෙ කාලයක් ගැන මතකයක් නැති ඕනෑම කෙනෙක්ට ගුරුවරුන්ට ගල් ගහන්න පුළුවන්. අධ්‍යාපනෙන් සත පහක වැඩක් නැති ඕනෙම කෙනෙක්ට ගුරුවරයෙක්ට ගල් ගහන්න පුළුවන්. ඉස්කෝලෙන් ප්‍රයෝජනයක් නොගත්ත එවුන්ට ගුරුවරුන්ට ගල් ගහන්න පුළුවන්. අද තමන් ඉන්න තැනට එන්න අධ්‍යාපනයෙන් කිසිම උදව්වක් නොවුණු අයට ගුරුවරුන්ට ගල් ගහන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ගලක් අරගෙන එන්න වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය කෙනෙක්. එයාට ගුරුවරයා කියන්නෙ මොනව කරන කෙනෙක්ද කියලා අදහසක් නැති නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. එහෙම කෙනෙක්ට පුළුවන් ගුරුවරුන්ට කට පුරා ‘කාලකණ්ණි’ කියලා කියන්නත්.

ඇත්තටම ඇයි මේ ගුරුවරු පාරට බැස්සෙ? ගුරුවරු අසාධාරණයිද? මේ වෙලාවෙ කොරෝනා අස්සෙ පාරට බැහැපු එකේ අවුලක් තියෙනවා. කවුරු කොහොම කිව්වත් ඒක එහෙමයි. කොවිඩ අස්සෙ කරන්න ඕනෙ දේවල් සහ නොකරන්න ඕනෙ දේවල් තියෙනවා. මේක සෙල්ලම් කරන වෙලාවක් නෙවෙයි. ඒත් ඒක ගුරුවරු විතරක් දැනගෙන හිටියම ඇතිද? ගුරුවරුන්ව සෙල්ලමට අරගෙන කාටවත් නාඩගං නටන්නත් පුළුවන්කමක් නෑ. ඇත්තටම ගුරු සංගම් නායකයන්ව බලෙන් කුදලගෙන ගිහිල්ලා පූනානිවල නිරෝධායනය කළා හිතුවක්කාර විදියට. ඒ තීන්දු ගත්ත කට්ටිය දැනගෙන හිටියා මේ ‘කොවිඩ්’ නිසා මිනිස්සු එළියට බහින්නෙ නෑ කියලා. ඒ වගේම එදා ගුරුවරු ඉල්ලුවේ වැටුප් විෂමතා අයින් කරන්න කියලා නෙවෙයි. එදා ඒ අය ඉල්ලුවෙ කොතලාවල විශ්වවිiාල පනත අකුලගන්න කියලා. ඒ වෙනුවෙන් අරගල කරපු ස්ටාලින්ව කුදලගෙන ගිහිල්ලා පූනානිවල දාන්නෙ ආණ්ඩුවෙ හිතුවක්කාරකමට. රටක ආණ්ඩුවකට එහෙම වැඩ කරන්න පුළුවන් නම් ගුරුවරුන්ට ඇඟිල්ල දික්කරන්න අපට පුළුවන්කමක් නෑ, මොකද මේ වෙලාවෙ මේ ප්‍රශ්නෙ ඇදගත්තෙ ගුරුවරු නෙවෙයි. ඒ නිසා ගුරුවරුන්ට ඇඟිල්ල දික් කරන්න කලින් හරි තැනට ඇඟිල්ල දික්කරන්න. ඒ වගේම මේ වෙලාවෙ ගුරුවරු වැටුප් ක්‍රමවේද නිවැරැදි කරන්න කියලා ඉල්ලන එක වැරැදි වෙන්න පුළුවන්. ඒත් ඔවුන්ට අයිතියක් තියෙනවා මේ ඉල්ලීම් කරන්න. ඒ මිනිස්සු මේ වෙලාවෙ තමන්ගෙ වගකීම් පැහැර නොහැර වැඩකරමින් උන්නා. ඔන්ලයින් ඉගැන්නුවා. සාමාන්‍යයෙන් බැලූ බැල්මට ගුරුවරු වැඩ කරන්නෙ උදේ 7.30 ඉඳලා දවල් 1.30 වෙනකල් විතරයි. ඒ කියන්නෙ පැය හයයි. බැලූ බැල්මට පේන්නෙ ඒ කාලය මාර අඩුයි වගේ. ඒත් සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයකුගෙ සේවා කාලය දවසකට පැය අටයි. එතකොට ගුරුවරයකුට වඩා ඔවුන් වැඩ කරන්නෙ පැය දෙකයි. ඒ පැය අටෙනුත් පැය කීයක් රාජකාරි කරනවද කියන කාරණාව ගැන චෝදනා තියෙනවා. වැඩ ඇරෙන වෙලාව වෙනකල් රාජකාරියෙ ඉන්නෙ කීයෙන් කී දෙනාද කියලා ප්‍රශ්න තියෙනවා. ඒත් ගුරුවරු නිතරම වගේ හතයි තිහේ ඉඳලා එකයි තිහ වෙනකල් ඉන්න උත්සාහ කරනවා. රාජකාරි කාලය සම්පූර්ණයෙන්ම රාජකාරියටම කැපකරන්න වෙලා තියෙනවා.

ගුරුවරු කිසිවෙක් සීත කාමරවල ඉඳලා වැඩ කරන්නෙ නෑ. ඒ මිනිස්සු සමහර වෙලාවට විනාඩි හතළිහේ ඒවා කීපයක් හිටගෙන ඉන්නවා. දවසෙ රාජකාරි කරන පැය හයෙන් පැය පහක්වත් කරන්නෙ කතාකරන එක. ගුරුවරයෙක්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා නම් මිසක වෙන කිසිම හේතුවක් හින්දා, වෙන කිසිම ඇඳුමක් ඇඳගෙන යන්න ඔවුන්ට අවසර නෑ. ඉස්කෝලෙ ගිහිල්ලා තියෙන ඕනෑම කෙනෙක් දන්නවා ගුරුවරු වැඩ කරන්නෙ ඔය පැය හය විතරක් නෙවෙයි. මෙහෙමවෙලාව ගැන නොහිතා රාජකාරියට එන වගේම, වෙලාව ගැන නොහිතා රාජකාරි කරන එකම එක ගුරුවරයෙක්වත් හැම ඉස්කෝලෙකම ඉන්නවා. සමහර ගුරුවරු උදේ හයේ ඉඳලා ඉන්නෙ ඉස්කෝලෙ. තවත් සමහර අය ඉස්කෝලෙ ඇරිලා පැයක්, දෙකක්, සමහර වෙලාවට තුන හතරක් හවස් වෙනකල් ඉස්කෝලෙ ඉන්නවා. හැබැයි මේ කිසිම කෙනෙක් මේ එකම එක දවසකටවත් අතිකාල දීමනා ලබන අය නෙවෙයි. ඒ අය මේ කිසිම අරගලයකදි අමතරව වැඩ කරනවට සල්ලි ඉල්ලන්නෙ නෑ. ඉතිහාසෙ කවදාවත්ම කිසිම ගුරුවරයෙක්ට ඉස්කෝලෙදි විතරක් ඉස්කෝලෙ වැඩ කරන්න හම්බවෙලා නැතිව ඇති. සමහර ගුරුවරයෙක් රාත්‍රී කාලයේ ගෙවල්වල කරන්නෙ ප්‍රශ්න පත්තර හදන එක. නැත්නම් හවස් වරුවෙ පොත් ටික බලන එක. ඉස්කෝලවල කෙරෙන සිය ගානක් විෂය බාහිර වැඩවලට ගුරුවරු කවදාවත්ම අමතර ගෙවීමක් බලාපොරොත්තු වෙලා නෑ. ගෙවල්වලට වෙලා ඉස්කෝලෙ වෙනුවෙන් කරන වැඩවලට සල්ලි ඉල්ලු‍වෙ නෑ. ක්‍රීඩා උත්සව කාලෙට පිට්ටනියට බැහැලා ඉර අව්වෙ පිච්චෙනවට දීමනාවක් ඉල්ලු‍වෙ නෑ. මේ මිනිස්සු මැසිවිලි නොකියම වැඩ කෙරුව. අවුරුදු ගානක් තිස්සෙ ලක්ෂ ගානක් දරුවො හැදුවා. අද මේ වෙලාවෙ ඔය ගුරුවරුන්ට එරෙහි වෙන හුඟක් එවුන්ට හුජ්ජ කරන්න උගන්නලා තියෙන්නෙත් ගුරුවරු ගුරුවරියො. කෙළින් හිටගෙන ඉන්න හැටි ඉගැන්නුවෙත් ගුරුවරු. වෙලාවක් කලාවක් නැතිව වැඩකරපු ගුරුවරු සමහර දරුවො වෙනුවෙන් ගෙන් ගෙට ගිහිල්ලා තියෙනවා. සමහර තරගවලට දරුවො යවන්න ඕනෑ වුණාම ඒ ළමයි වෙනුවෙන් ඒ ළමයින්ගෙ ගෙවල්වලට යන්න වුණා. ඒත් මේ මිනිස්සු මැසිවිල්ලක් කිව්වෙ නෑ.

ඒ වගේම ගුරුවරු තමන් කරන කරන එකෙන් කොමිස් ගත්තෙ නෑ. තමන්ගෙ පැටිපස් පරානෙම රස්සාවලට ඔබාගත්තෙ නෑ. හදන්න ඕන එක පැත්තක තියෙන කොට කඩලා හරි හදලා කොන්ත්‍රාත් එකෙන් එන සල්ලි ටික පොදි ගහගත්තෙ නෑ. කන්න හිතුණම කබර ගොයත් තලගොයා කරගෙන හම්බකරගෙන කෑවෙ නෑ. කියන්න ඕනෙ වුණාම පට්ට බොරු කියලා මිනිස්සු ගොනාට ඇන්දුවෙ නෑ. වාසියක් හම්බවුණාම සල්ලි කුට්‍ටියක් වෙනුවෙන් ආත්මෙත් එක්ක පාවා දුන්නෙනෑ. මිනිස්සු කන්න නැතිව මැරෙනකොට තමන්ට යන්න කෝටි ගානක් දීලා වාහන ගෙන්න ගත්තෙ නෑ. පහ පාස් අය අට පාස් අය ගුරුවරු වෙලා නෑ. ගුරුවරුන්ට බාර් පර්මිට් නෑ. අරක්කු තිප්පොළවල් නෑ. පස් බිස්නස්, වැලි බිස්නස් නෑ.ගුරුවරු බැංකු කඩලා නෑ. ගුරුවරු තමන්ව දිනවන්න කියලා එල්.ටී.ටී.ඊ. එකට සල්ලි දීලා නෑ. ගුරුවරු කුඩු ගෙන්නලා නෑ. ගුරුවරු එතනෝල් ගෙන්නලා නෑ. ගුරුවරු කොවිඩ්වලට බේත් කියන්න ගියෙ නෑ. ගුරුවරු රස්සාවට එන්න කලින් මාල කඩලා නෑ. ගුරුවරු පිට රටවල ගිහිල්ලා කණමදයො වගේ බීලා උඩ තට්ටුවලින් වැටිලා නෑ. ගුරුවරු මිනී මරලා, ඒ ගැන දන්නෑ වගේ ඉඳලා නෑ. ගුරුවරු මිනීමරුවො නිදහස් කරලා නෑ. සමහර එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කරන බව ඇත්ත. සමහර තැනක ගුරුවරු වැරදි කරලා ‘ගුරු’ සේවයෙන් දොට්ට දාලත් තියෙනවා. ඒක ඇත්ත. ඒත් මේ කිව්වෙ සාමාන්‍ය සමාජයෙ ‘කාලකණ්ණියා”‍ කියන එකට ගැළපෙන සුදුසු කම් ටික. ඒ සුදුසුකම් තියෙන කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට “‍කාලකණ්ණියා”‍ කියලා කියන්න.

නෝනාවරුනි, මහත්වරුනි, මේ වෙලාවෙ මේ කතාව ගුරුවරුන්ට ගැළපෙන්නෙ නෑ වගේ එකක් අපිට පේනවා. ඒ නිසා අපි අර උඩ කියපු සුදුසුකම් ටික තියෙන ”‍කාලකණ්ණි”‍ ටික හොයාගෙන අලු‍තෙන් සිරි කාලකණ්ණි ජාතකේ ලියාගන්න. අපි එතකල් බලාගෙන ඉන්නෙ. නිකන් පාළු‍ ගෙයි වළං බිඳලා අහිංසකයන්ට තග දාන්නෙ කබ්බො. නිකං මාල ගිරව් වගේ කියවන්නෙ නැතිව ප්‍රශ්න ප්‍රශ්න විදියට තේරුම් ගන්න. නැත්නම් වෙන්නෙ මිනිස්සු ‘කාලකණ්ණි’ කවුද කියලා ඉක්මනටම අඳුන ගන්න එක. මොකද මේ රටේ හොයනවා නම් හොයන්න තව කාලකණ්ණි ටිකක් ඉන්නවා. ඒ තමයි බැඳුම්කර වංචාව කරපු කාලකණ්ණි. ඒක යටගහන කාලකණ්ණි. පාස්කු ප්‍රහාරය කරලා අහිංසකයො සිය ගානක් මරපු කාලකණ්ණි. ඒකට අනුබල දුන්නු කාලකණ්ණි. අදත් ඒක නොදන්නවා වාගෙ ඇහැ කන වහගෙන ඉන්න කාලකණ්ණි. රටේ සම්පත් විකුණන කාලකණ්ණි. කොවිඩ් ඇවිල්ලා කෙළවෙනකල්ම රටේ ඉස්පිරිතාල ටික නොහදා අවුරුදු හැත්තෑ තුනක් බකංනිලාගෙන හිටපු කාලකණ්ණි. අවුරුදු හැත්තෑ දෙකක් ගිහිල්ලත් මිනිසුන්ට හරියට පාරෙ යන්න බස් එකක් දාගන්න බැරි වුණු කාලකණ්ණි. රටේ සම්පත් තියාගෙන පිටරටට දත නියවන කාලකණ්ණි. රට ලෝකෙට ණය කරලා පොළොවටම කඩාවට්ටපු කාලකණ්ණි. මේක අන්‍ත අසරණ දූපතක් කරපු කාලකණ්ණි.

ඇත්තටම සර්ලා මැඩම්ලටත් වගකීමක් තියෙනවා. ඔයාලත් මේකට වගකියන්න ඕනෙ. ඔයාලත් හැදුවනෙ එහෙම කාලකණ්ණි. ඒ නිසා ඕවා අහගත්තා කියලා කරන්න දේකුත් නෑ. ඇත්තටම මේ රටේ දැන් ඉන්නෙ පුදුම කාලකණ්ණි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඔක්කොම මහරජාලාට වඩා ගව්ගණනක් උඩින් සිටි කව්ද මේ සිරස මහාරාජා!

Next Post

ගුරුවරු 42ම ඇල්ලුවේ ගෙදර යන ගමන්!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

රඳවාගෙන ප්‍රශ්න කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර...

Read more
පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.