අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකාව වන ගාර්නියර් බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය හට අද (30) දිනයේදී ඇප ලබා දීමට පියවර ගැණින.
ඒ අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඒ මහත්මිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
කෙසේවෙතත් ඇගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමට පියවර ගෙන ඇත.
පැහැරගැනීමට ලක් වූ බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළැයි කියන සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.










