• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදත් මගේ හිත අද මෙන් කැපවී මේ අයුරින් පුද දෙන්න ඇතී…! Sri Lanka Latest News

June 29, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
එදත් මගේ හිත අද මෙන් කැපවී මේ අයුරින් පුද දෙන්න ඇතී…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හොඳ මිනිස්සු ඉක්මනින් අපිව දාලා යනවා. ඒ කතාව සත්‍යයක්. මේ කියන්න යන්නේ එහෙම කතාවක්. හසිනි ශෂිකලා රාජපක්ෂ නම් වූ ඇගේ හඬ ඇගේ රූපය අපිට හරිම සමීපයි. ඇය 2020 වර්ෂයේදී ජීවිතයෙන් සමුගන්නේ රුදුරු පිළිකා රෝගයට ගොදුරු වීම නිසා. ඒත් ඇගේ රූපය කටහඬ අපට අදටත් ජීවමානව මැවී පෙනෙනවා. බොහෝ දෙනෙක් ඇයව දැනගත්තේ ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා සමග ඇය ‘මනමාල හැන්දෑව’ සහ ‘සිහිනයකි රෑ’ කියන රූපවාහිනී සංගීත වැඩසටහන්වලට සහභාගි වීම නිසයි. පිළිකා රෝගයෙන් දැඩිව පීඩා විඳි ඇගේ අවසාන ආශාව වුණේ කීර්ති පැස්කුවල් මහතා සමග වේදිකාවේ ගීයක් ගැයීමයි. ඒ ගීතය වුණේ ‘කවිකාරියේ සින්දු කියනා ළඳේ’ කියන මිහිරි ගීතයයි. ඒ අනුව, එම ගීතය ඇය සමග සංගීත වැඩසටහනකදී ගායනා කළ කීර්ති පැස්කුවල් මහතාගේ ප්‍රාර්ථනය වුණේ ‘මගේ ආයුෂත් අරගෙන ඔබට ජීවත් වෙන්න ලැබේවා’ යන්නයි. එදා ඒ වැඩසටහන දැකපු බොහෝ දෙනෙකුගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණු හැටි අපට දැකගන්නට ලැබුණා. Sri Lanka Latest News

ඇය ජීවිතයත් මරණයත් අතර සිටිමින් දරුණු ගර්භාෂ පිළිකා රෝගයේ වේදනාව දරාගෙන අපිව සතුටු කරන්නට, අපිට ආදරය දෙන්නට ඇය කටයුතු කළා. ඒ, අවසාන මොහොතේදී ඇයට මේ ලෝකෙට දීලා යන්න තියෙන්නේ ඒ සතුට විතරක්ම නිසයි. ඇය හැම මොහොතකම ධනාත්මක හිතුවා. ඒත් මීට අවුරුදු 5කට පෙරදී ඇය අපිව දාලා ගියා. නමුත් අපි කවදාවත් හිතුවෙ නැහැ ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයාටත් මේ තරම් ඉක්මනට යන්න වෙයි කියලා.

හසිනිගේ පිළිකාව තිබුණේ ගර්භාෂය ආශ්‍රිතව. ඇයට දරුවන් නොලැබීම හේතුවෙන් පරීක්ෂණ කරද්දි තමයි ඇයට පිළිකාවක් වැලඳී ඇතැයි දැනගන්නට ලැබී තිබුණේ. ඒ වුණත් ඇගේ සෙවණැල්ලක් වගේ හිටිය ස්වාමිපුරුෂයා ඇයට දැක්වූ ආදරය බිඳක්වත් අඩු කළේ නැහැ. ඇය වෙනුවෙන් කළ යුතු වගකීම් යුතුකම් එක දශමයකින්වත් අඩු කළේ නැහැ. යෝධ සෙවණැල්ලක් ලෙස හැම මොහොතකම ඇගේ ළඟින් හිටියා. ඒ තරමටම සොඳුරු ආදරයක් ඇය ලැබුවා. ඔහු නමින් අසේල චානක රාජපක්ෂ. ඔහු බිරිය වෙනුවෙන්ම කැපවුණා. ඒත් අද අපිට අහන්න ලැබුණෙ ඔහුත් සිය ජීවන ගමනට සමුදී ඇති බවයි. බොහෝ දෙනෙක් ඔහුට ශෝකය පළකර සටහන් රැසක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. ඒ අතර ප්‍රවීණ ඡායාරූප ශිල්පී සහ ගායන ශිල්පී දයාන් විතාරණ මහතා තැබූ සංවේදී සටහන කාගේත් හදවත් සසල කරන්නට වුණා.

‘මා මීට වසර 10කට පමණ පෙර මුහුණු පොත ඔස්සේ දැන හඳුනාගත් අසේල චානක රාජපක්ෂ මුහුණු පොත හරහා මහරහතුන් වැඩි මග ඔස්සේ දේසූ ධර්ම කරුණු නිර්ලෝභීව මහත් ඕනෑකමින් තිළිණ කළා. ගායකයකු ලෙස ඔහු 2015 වර්ෂයේ නිකුත් කළ ගීතයක්ද මා හට මුහුණු පොත ඔස්සේ එවනු ලැබුවා. ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනියද මහත් ගෞරව භක්තියෙන් ඇසුරු කළ ඔහු මාගේ ඡායාරූපද අවැසි විට මාගෙන් ඉල්ලා තිබෙනවා. 2019 වර්ෂයේ අගභාගයේ පමණ දුරකතනයෙන් අමතා තම සෙනෙහෙබර බිරිඳ පිළිකා රෝගයෙන් පෙළෙන බවත්, ඇය ඉතා හොඳින් ගීත ගායනා කරන බවත්, දැනට දීගොඩ කුමාර යටතේ අධ්‍යාත්මික ප්‍රතිකාර ලබන බවත් මාහට පවසා සිටියා. ඇය රෝගී අවස්ථාවේ පැරසිටමෝල් පෙත්තක් පවා නොගන්නා බවද මා හට පැවසූ අතර, මගේ ප්‍රාර්ථනාව වුණේ ඇය ඉක්මන් සුවය ලබන්නේ නම් කොතරම් ආශ්චර්යයක්ද යන්නයි. ඇගේ ගීතයක් මා හට එවා තිබූ අතර ඇය සමග යුග ගීතයක් ගැයීමට පවා මා කැමැති බව මම ඔහුට පැවසුවා. කීර්ති පැස්කුවල් අයියාගේ මනමාල හැන්දෑව ප්‍රසංගයේදී අසේල සහ හසිනිව සජීවීව මුල්වරට මා දුටුවා. ප්‍රසංගය අවසානයේ මා ගෙදරවිත් අසේලට දුරකතන ඇමතුමක් ලබාගත්තේ අවසානයේ ඒ දෙපළ පෙනෙන්නට නොසිටි නිසයි. එවිට ඔහු පැවැසුවේ සෙනඟ බොහෝ පිරිසක් රැස්ව සිටින ස්ථානයක ඇය රඳවාගෙන සිටීම අසීරු බැවින් පිටව ගිය බවයි.’

‘එදින හසිනි නංගීද මා සමග කතා කළේ සුව අතට හැරුණු පසු යුග ගීතයක් ගයමු කියාය. කාලය ගෙවී ගොස් 2020 වසරේ මාර්තු මාසයේදී මට අසේලගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා. ඇයට ප්‍රතිකාර කරන දීගොඩ කුමාරද අසනීප බැවින් ඇයට ප්‍රතිකාර කරන්නට වෙනත් වෙදැදුරකු විමසා සිටියා. එදින හැන්දෑවේ එනවිට රූකාන්ත චන්ද්‍රලේඛා යුවලද මා නිවසේ සිටි අතර, ඔවුන් පියතුමෙකු ගැන පවසා සිටියා. මාද හැකි පමණින් ඇයගේ යහපත වෙනුවෙන් මට කළ හැකි උපකාරයක් කරන්නට වුණා. ඊට පසු එළඹෙන සඳුදා දිනයේ ඇයට අසාධ්‍ය බව අසේල මා හට පවසා ඇය වේදනාවෙන් කෑගසන අයුරු මට ශ්‍රවණය වුණා. එය මට මහත් කම්පනයක් ගෙන දුන්නා. ඇගේ වියෝව පිළිබඳ මා මුහුණු පොත හරහා දැනගත්තා. හසිනිව මුළුමහත් ලංකාවක් වෙනදාටත් වඩා දැනගත්තා. ඇගේ ගායනය මහත් ජනාදරයට පත්වුණා. ඇගේ සැමියා ඇය වෙනුවෙන් කළ කැපවීම සහ මෙහෙය අප පමණක් දුටුව දෙයක්. ඇගේ සෙවණැල්ල වගේ සිටිය ඇගේ සැමියා අවසාන මොහොතෙත් ඇයට සතුට ගෙනාවා. නමුත් කාලය කොතරම් වේදනාබරද අනපේක්ෂිතදැයි හඟවමින් අසේලද අද අප අතරින් නික්ම ගොස් ඇති බව දැනගන්නට ලැබුණා. ඔහු කියා දුන් ප්‍රේමයේ පාඩම සදාතනික අප සිත්වල පවතීවි.’
‘ඇය නික්ම ගොස් පස් වසරකින් දැන් ඔහුද නික්ම ගොස් තිබෙනවා. අසේල මල්ලී, ඔබටත් හසිනිටත් නිර්වාණ සුවය අත්වේවායි ප්‍රාර්ථනය කරනවා…’

අසේල චානක ජීවත්ව සිටියදී තම බිරිඳට දුන් ආදරය ගැන සඳහන් කරමින් ඔහු සමාජ මාධ්‍යයට එක්කර තිබූ සටහනකි මේ.
‘මගේ ජීවිත කාලය පුරාවටම පිළිකා රෝගීන් සිය ගණනක් සමග මා කතාබහ කොට තිබෙනවා. හසිනිව රැගෙන ගිය බොහෝ තැන්වලදී හමුවූ බොහෝ රෝගීන්ගේ භාරකරුවන් සමග ඔවුන්ගේ රෝගී තත්ත්වය ගැන මා කරුණු විමසා තිබෙනවා. රෝගීන්ට බලාපොරොත්තු ඇතිවන සේ කතාකරලා තියෙනවා. පිළිකා රෝගීන් අපහසුතා සහ වේදනා නිසා කඳුළු සලද්දී මා මෙන්ම හසිනිද ඔවුන් සමග ඉතා ළෙන්ගතු හා ධෛර්යය ඇතිවන ලෙස ඔවුන්ව අස්වසා තිබෙනවා. කොතරම් දරුණු රෝගයක් වැලඳුණත් ඔවුන් ඔවුන්ගේ ජීවිතවලට ආදරය කළා. ජීවත් වන්නන් අතහැර යාමට ඔවුන් කොහෙත්ම සූදානම්ව සිටියේ නැහැ.’

‘මේ රෝගය වැලඳීම නිසා තනිවුණු අනන්තවත් පුද්ගලයන් අපිට හමුවී තිබෙනවා. ඔවුන්ගේ විස්තර පවා අපි සමග කතාකර තිබුණා. ඔවුන්ගේ සහකරුවන් පවා ඔවුන්ව අතහැර ගොස් තිබුණා. නමුත් හසිනිත් මමත් ඇගේ අවසාන මොහොත වෙනකල්ම සතුටින් සිටීමට වාසනාවන්ත වුණා. ජීවිතයේ බොහෝ ඝන අඳුරු තැන් වේදනා තැන් පසුකළ තැන් සිටියේ නම් ඇය සමග ගතකළ මොහොතයි. මාගේ හැම සංවේදී ප්‍රශ්නයක් හමුවේම මා ධෛර්යවත් කළ එකම කෙනා ඇයම පමණයි. මගේ ජීවිතයේ ඇයට සැඟවූ කිසිදු තැනක් නැහැ. ඇයද එසේමයි….’

තම බිරිඳ දරුණු පිළිකා රෝගයෙන් පෙළෙනකොට ඇයට මහත් ශක්තියක් වුණේ ඇගේ ස්වාමිපුරුෂයා. නමුත් ඇයට නිකමටවත් නොසිතෙන්නට ඇති තමන්ගේ ස්වාමිපුරුෂයාත් මේ තරම් ඉක්මනට තමන් ළඟට එයි කියලා. තමන්ගේ බිරිඳව තව එක දවසක් හරි ජීවත් කරවන්නට දැරූ ශක්තිය උත්සාහය අපි නොදන්නවා නෙවෙයි. ඇය වෙනුවෙන් රැයක් දවාලක් නැතුව වෛද්‍යවරුන් ළඟට වාගේම ආධ්‍යාත්මිකව පිළිකා රෝගය සුවකරන තැන්වලට පවා යමින් තම බිරිඳ වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්නට ඔහු අමතක කළේ නැහැ. ඔහු ඇයව සතුටින් තියපු වාර අනන්තයි අප්‍රමාණයි.

අපි නිතර කියන කතාවක් තමයි හොඳ මිනිස්සුන්ට ආයුෂ අඩුයි කියන එක. හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇගේ ස්වාමිපුරුෂයාත් මේ වෙද්දී ජීවිතයෙන් සමුගෙන ගිහින් කියලා අපිට අහන්න ලැබුණාම හදවතට මහා දුකක් ගෙනදුන්නා. අපි හිතන දේවල් නෙවෙයි අපේ ජීවිතවලට සිද්ධ වෙන්නේ. අසේලගේ දේහය පසුගිය 25 වැනිදා මහරගම රෝහිණී මල්ශාලාවේ තැන්පත් කර තිබුණා. අවසන් කටයුතු ඥාති හිතමිත්‍රාදීන්ගේ සහභාගීත්වයෙන් ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදුකරනු ලැබුවා. එදින කලාකරුවන් රසිකයන්ගෙන් මල්ශාලාව පිරීයනු අපට දැකගන්නට ලැබුණා.

අසේල සිය බිරිඳ වෙනුවෙන් ඔහුගේ ජීවිතයම කැපකළ උතුම් මනුෂ්‍යයෙක්. ඔහුගේ අසල්වැසියන් පවා පවසන්නේ අසේල සිය බිරිය වෙනුවෙන් මහා යුතුකමක් ඉෂ්ට කළ ආදරණීය ස්වාමිපුරුෂයෙක් විදියටයි.

මේ යුවලම තරුණයි. තව බොහෝ කලක් ජීවත් වෙන්න තිබුණත් ඔවුන්ගේ කර්ම ශක්තිය ගෙනා ආයුෂ නිමා කරලා යන්න සිදුවෙලා. සමහර ස්වාමිපුරුෂයෝ තමන්ගේ බිරිඳට මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවුණාම නොසලකා හරිනවා. වෙනත් කාන්තාවන් සොයාගෙන යනවා. නමුත් මේ ස්වාමියා එහෙම කළේ නැහැ. තමන්ගේ යුතුකම් වගකීම් හරි යාකාරව ඉෂ්ට කළේ තමන්ටත් කවදා හෝ මෙවැනි රෝගී තත්ත්වයකට ගොදුරු වෙන්න සිදුවේ යැයි දැනගෙන නොවෙයි.

අසේල තම බිරිය දරුණු පිළිකාවකින් පෙළෙන බව දැනගෙනත් ඇගේ සිහිනවලට පණ දෙන්න උත්සාහ කළා. සංගීතය හදාරන්න වගේම ව්‍යාපාර පිළිබඳ උපාධියක් හැදෑරීමට පවා අසේල ඇයව දිරිගැන්නුවේ තමන්ගේ ආදරය කොතරම්දැයි ලොවටම කියාපාමින්. රෝගී බිරිඳගේ ශරීරය දවසින් දවස දිරාපත් වන බව දැන දැනම ඔහු සුපුරුදු පරිදි ඇයට ආදරය කළා. ආත්මාර්ථකාමී මිනිසුන් බහුල සමාජයක අසේල සැබෑ පරාර්ථකාමියකු ලෙස කටයුතු කළා.

අසේලගේ බිරිඳට ලස්සන රූපයක් තිබුණා. නමුත් ඒ ලස්සන රූපය ඇගේ රෝගී තත්ත්වය හේතුවෙන් මොහොතින් මොහොත දිරාපත් වන බව ඇස් පනාපිටම අසේලට දැකගන්න ලැබුණා.

අසේල ප්‍රාර්ථනා කළ ලෙස
‘මටම ලැබෙන තෙක් සක්වළ පාලන දෙවියන් රැක දේවා…
සසර සරන තුරු ඔබ මට නොනිමෙන් රන් පහනක් වේවා….’

‘දිනන්නට කිසිත් නෑ
ලොවේ මින් මතූ
මගෙන් ඔබ ඈත් වී
ගියායින් පසු….’

හසිනි නැති ලෝකයක් අසේලට තිබුණේ නැහැ. ඒ නිසාම තමයි ඔහු තම බිරිය වෙනුවෙන් තැබූ සංවේදී සටහන් මුහුණු පොතේ දැකගන්නට ලැබුණේ.
ඒ ආදර කතාවත් එසේ අවසන් වුණේ අපට ආදරය ගැන, ජීවිතය ගැන ආදර්ශ රැසක් ගෙනදෙමින්. හසිනි සුරලොව බලා ගොස් වසර 5ක් පහුවෙලා අවසානයේ ඇය සොයා අසේලත් යන්නම ගිහින්. තම බිරිඳව දවසක් හෝ වැඩියෙන් ජීවත් කරවන්න ‌වෙර දැරූ අසේල සොයුර, ඔබට සුබ ගමන් ප්‍රේමණීය මිනිසාණෙනි….

ඉතින් අසේලටත් හසිනිටත් මතු ආත්ම භවයක මෙවන් අකල් මරණයක් උරුම නොවේවායි ප්‍රාර්ථනා කරමු. මෙවන් මිනිසුන් අපේ සමාජයට වටිනවා. ඔවුන් ඉතිරි කරලා යන මතක සටහන් තුළින් අපේ ජීවිතවලට ආදර්ශයක් ගෙනදෙනවා. අපි ජීවත්වෙන ටික කාලේ අනෙකාගේ ජීවිතවලට මතකයන් එකතු කරලා උදව් කළොත් තමයි ඒ මතකයන් හිතේ රැඳෙන්නේ. ජීවත් වෙලා ඉන්න ටික කාලෙදී අනෙකා වෙනුවෙන් අපිට පුංචි හරි සතුටක් දෙන්න පුළුවන් නම් ඒ වගේ පිනක් මෙලොව තවත් නැහැ…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සජිත් හොල්මන් කරද්දී ජිනීවා මහකොමසාරිස් ඉදිරිපිට අර්චුනායි-බිමලුයි ලොකු ගැටුමක! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

වෙඩිල්ලක් වැදුණද? වසක් විසක් කැවුණද? විල්පත්තුව හොල්ලගෙන සිටි කාලි මැරුණාද? මැරුවාද? Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.