එ.ජා.ප කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු ධූර අපේක්ෂකව සිටි නිහාල් ෆාරුක් මහතා විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූ අතර සමඟි ජන බලවේගය සමඟ එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීරණය කළේය.
සමඟි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් නායක කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණය යටතේ එම දිස්ත්‍රික්කයේ පා. මන්ත්‍රී සංජය මහතා සහ රුවන්වැල්ල ආසන සංවිධායිකා වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මියගේ සහයෝගය ඇතිව සමඟි ජන බලවේගයේ ජයග්‍රණය වෙනුවෙන් කටයුතු කරන බවට නිහාල් ෆාරුක් මහතා තීන්දු කරනු ලැබීය.
මේ අවස්ථාවට ස. ජ.බ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද එක්ව සිටියේය.
මේ අතර අම්පාර දිස්ත්‍රික් එ.ජා.ප පාර්ලිමේන්තු ධූර අපේක්ෂක පාඨලී රෝහණ ජයන්ත මහතාද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමඟි ජන බලවේගය සමඟ එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීරණය කළේය.
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුද වන ඒ මහතා ලේඛකයෙකු ලෙසද ප්‍රසිද්ධය.