අමෙරිකාවේ ඩෙන්වර් ගුවන් තොටුපොළේ සිට හවායි හි හොනලුලු දුපත් බලා ගමන් කරමින් තිබු යුනයිටඩ් ගුවන් සමාගමට අයත් බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක එංජීමක් ගිනි ගැනීමකට ලක්වීමෙන් පසු තනි එන්ජිමෙන් ගුවන් යානය නැවත ගොඩබා මගින් 231කගේ ජීවිත බේරාගත් විස්මිත වීඩියෝව මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
මෙම ගුවන් යානය ඩෙන්වර් ගුවන් තොටුපළෙන් ගුවන් ගතවී මිනිත්තු කිහිපයක් තුලදී එංජිමේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා විය.
මෙම සිදුවීම වන අවස්ථාවේ ගුවන් යානාය අඩි 15,000ක් ඉහළින් පියාසර කරමින් සිට ඇති අතර ගුවන් යානය තුළ මගීන් 231ක් දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සිට තිබිණ.
ඉහළ අහසේදී ගිනි ගත් ගුවන් යානාවේ එංජිමේ කොටස් ඩෙන්වර් ප්‍රදේශයේ ජනාකීර්ණ ප්‍රදේශයක වූ නිවාස සහ මාර්ගයේ ස්ථාන රැසකට කඩා වැටීමෙන් දේපල හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.
යානයේ එංජිම ගිනි ගැනීමත් සමගම ගුවන් නියමුවා විසින් ගමන් ඇරඹු ඩෙන්වර් ගුවන් තොටුපොළ සමග සම්බන්ධවී හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇති අතර ගුවන් යානය ගුවන් ගතවී මිනිත්තු 30කට පසුව යළි ආරක්ෂා සහිතව ගොඩබෑමට නියමුවෝ සමත් වූහ.
මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොතිබිණ.










