තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව හිටපු ඇමැති පී. හැරිසන් මහතා පැවසීය.
හැරිසන් මහතා පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව වික්‍රමසිංහ මහතාගෙන් වෙන්ව සමගි ජන බලවේගය සමග එක්ව මහමැතිවරණයට තරග කළේය.
අනුරාධපුරය කෘෂිකර්මය මත පදනම් වූ දිස්ත්‍රික්කයක් වුවත් එහි ජනතාව එම මැතිවරණයේදී හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වූ හැරිසන් මහතා පරාජයට පත් කොට ගෙදර යැවීමට පියවර ගත්හ.
එවකදී එජාපයට මහත් වාසිදායක දිස්ත්‍රික්කයක් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද පදනම විනාශ වීමට බලපෑ ප්‍රධාන හේතුවක්ද වූයේ හැරිසන් මහතා එහි සංවිධායක ධූරය දැරීමය.
අතීතයේදී ජී.ඩී. මහින්දසෝම, එම්.එස්. අධිකාරී, චන්ද්‍රා ප්‍රනාන්දු වැනි දේශපාලන පතාකයන් ජයග්‍රහණය කරවූ අනුරාධපුරය පසුගිය කාලයේදී හැරිසන් මහතාගේ නායකත්වය යටතේ විශාල කඩාවැටීමකට ලක්වීමද විශේෂ සිදුවීමකි.










