• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊළඟට නාමල්…? (රටේ පැත්ත)

July 18, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ඊළඟට නාමල්…? (රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

‘තාත්තා කරපු දේ නොකළොත් ඌ නොට්ටිගෙ පුතා…’
මේ අපේ පැරැණි කියමනකි. මේ කියමන හදිසියේම මතක් වුණේ පසුගිය සතියේ කුරුණෑගල පොහොට්ටු ප්‍රබලයකු වන ජොන්ස්ටන් මැතිවරණ වේදිකාවේ කී කතාවක් මුල්කරගෙනය. ජොන්ස්ටන් කතා කළේ වෙන කවුරුවත් ගැන නොව අගමැති මහින්ද රාජපක්‍ෂගේ ලොකු පුතා වන නාමල් රාජපක්‍ෂ ගැනය. ජොන්ස්ටන් මේ කතාව කියන විට නාමල්ද වේදිකාවේ වාඩි වී සිටියේය.
‘නාමල් රාජපක්‍ෂ කවදා හරි මේ රටේ ජනාධිපති වෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. හුඟක් අය ඔබතුමාට බනිද්දී මම ඔබතුමාගේ දක්‍ෂකම් දැක්කා. මම අනෙක් අයත් එක්ක වාද කෙරුවා. ඔබතුමාට පහර පිට පහර දෙද්දී මම කිව්වා මුළු පාර්ලිමේන්තුවේම නෑ ඔබතුමා වගේ දක්‍ෂයෙක් කියලා. ඒක මම දැක්කේ 2010දි. දැන් හුඟක් අය ඒක දකිනවා. අපි හොඳට දුර පේන දේශපාලකයෝ. අපි නිකම් කඬේ යන අය නෙවෙයි. අපි දන්නවා කවුද දක්‍ෂයා. කවුද අදක්‍ෂයා. වැඩ බැරි අය කවුද කියලා. අපි ඒවා කියන්නෙ නැහැ. හැබැයි ඔබතුමා මෙහෙම ඉන්න කොට අපි ඒවා කියන්න ඕනෑ. කවදා හරි ඔබතුමාත් ඔබතුමාගෙ පියා වගේ මේ රටේ පාලකයා වෙනවා. ඉතාමත් දක්‍ෂ විදියට රට පාලනය කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා. මේ ඉන්නෙ තරුණ පරම්පරාව. අපි හැමදාම දේශපාලනයේ ඉන්න අය නෙවෙයි අපි හැමෝටම සීමා තියෙනවා…’
මේ නාමල්ව වේදිකාවේ තියාගෙන ජොන්ස්ටන් කළ කතාවය.
හැබැයි සමහර මාධ්‍ය ජොන්ස්ටන් කළ මේ කතාව දාන්න බය විය. ඒත් සමහර මාධ්‍ය නම් ජොන්ස්ටන් බය නැතිව කළ මේ කතාව බය නැතිවම දැම්මේය. මොකද ජොන්ස්ටන් කියන්නේ ආවට ගියාට කතා කරන දේශපාලකයකු නොවන බව මේ මාධ්‍ය දනී. ජොන්ස්ටන් මහින්දත් එක්ක වගේම රාජපක්‍ෂ පවුලේ සියලුම සාමාජිකයන් එක්ක ළඟින්ම හිතවත්කම් පවත්වන්නෙකි. රාජපක්‍ෂ පවුලේ තීන්දු, තීරණ ගන්නා මහින්ද, බැසිල්, චමල්, නාමල්, යෝෂිත හවුලේ ජොන්ස්ටන්ද සාමාජිකයෙකි. ඒ නිසා ජොන්ස්ටන් මේ කතාව බය නැතිව එළියට දැම්මේ රාජපක්‍ෂ පවුල ඇතුළේ මේ තීන්දුව නිල වශයෙන් හෝ නොනිල වශයෙන් ගෙන තිබූ නිසා විය යුතුය.
සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනයේ නිල කතා සහ නොනිල කතා වශයෙන් දෙකක් තිබේ. ඒ වගේම ඕනෑකමින් මාධ්‍යට ලීක් කරන කතා සහ අහම්බෙන් කටෙන් පනින කතාද තිබේ. ඒ කොයි කතා ගොන්නට ජොන්ස්ටන්ගේ කතාව අයත් වුණත් කතාව කිරලා, මැනලා, තෝරා ගතයුත්තේ ජොන්ස්ටන් රාජපක්‍ෂ පවුලත් එක්ක තියෙන සම්බන්ධය උඩය. ඒ අනුව හැමෝම කියන්නේ නාමල් ගැන රාපක්‍ෂ පවුල ඇතුළේ ගත් තීන්දුවක් මෙසේ ජොන්ස්ටන්ගේ කටින් එළියට ආවා කියාය.
රාජපක්‍ෂලා ගෝඨාව ජනාධිපති අපේක්‍ෂකයා වශයෙන් 2019 තීන්දු කළේත් මේ විදියටම පවුල ඇතුළේ තීන්දුවක් අරගෙනය. ඒ වෙලාවේ හැමෝම හිතුවේ මහින්දටත්, බැසිල්ටත්, ගෝඨාටත් ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි නිසා චමල් ජනාධිපති අපේක්‍ෂකයා වනු ඇතැයි කියාය. හැබැයි අපේක්‍ෂකයා ගැන රාජපක්‍ෂ පවුල ඇතුළේ තිබ්බ අන්තිම මීටිමේදී ගෝඨා තමන්ට ඇමෙරිකානු පුරවැසිභාවය අයින් කරගන්න පුළුවන් කියන සහතිකය සියලුම රාජපක්‍ෂවරුන්ට ලබා දුන්නේය. චමල් පසුපසට ගොස් ගෝඨා 2019 ජනාධිපති අපේක්‍ෂකයා වූයේ ඒ අනුවය.
‘හරි දැන් 2025 ජනාධිපතිවරණයට ආයෙත් ගෝඨා ඉල්ලයිනෙ. එහෙම නම් 2030 ජනාධිපතිවරණයට හරි නාමල් අපේක්‍ෂකයා විදියට දාන්න රාජපක්‍ෂලා තීන්දු කළා කියමුකෝ. මොකටද නාමල්ට ඒකට තියෙන සුදුසුකම්.’
මේ ජොන්ස්ටන්ගේ කතාව ටී.වී. එකෙන් අහන් ඉඳලා හිතවත් මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නයකි.
ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න නම් මහින්ද දේශපාලනයෙන් ඉදිරියට ආ ගමනයි නාමල් දේශපාලනයේ ඉදිරියට ආ ගමනයි ටිකක් හොයලා බලන්න ඕනෑය. මහින්ද මුලින්ම පාර්ලිමේන්තු ආවේ 1970 මැතිනියගේ දේශපාලනයත් එක්කය. එතකොට මහින්දගේ වයස අවුරුදු 25කි. නාමල් මුලින්ම පාර්ලිමේන්තු ආවේ 2010 මහින්දගේ දේශපාලනයත් එක්කය. එතකොට නාමල්ගේ වයස අවුරුදු 24කි. මහින්ද 70 පාර්ලිමේන්තු එනකොට පාර්ලිමේන්තුවේ පොඩිම එකාය. නාමල් 2010 පාර්ලිමේන්තු එනකොට පාර්ලිමේන්තුවේ පොඩිම එකාය. මහින්ද මුලින්ම දේශපාලනය ආණ්ඩු පක්‍ෂයත් එක්ක ආරම්භ කළත් දේශපාලකයකු වශයෙන් මහින්ද පොලිෂ් වුණේ විපක්‍ෂයේ දේශපාලනය කරපු අවදියේය. ඒ කාලයේ මහින්ද ප්‍රේමදාසගේ ආණ්ඩුවට එරෙහිව ‘පාද යාත්‍රා’ ගියේය. නලා පිම්බේය. මව්වරුන්ගේ පෙරමුණ හැදුවේය. පසුපෙළ මන්ත්‍රිවරයකු ලෙස වෘත්තීය සමිති කළේය. ඒ සියල්ල අස්සේ නීති විභාගය ලිව්වේය.
දේශපාලකයකු ලෙස සීල් එක ගහගන්න නම් දවසකට හරි හිරේ යන්න ඕනෑ කියා ලංකාවේ දේශපාලනයේ කතාවක් තිබේ. මහින්ද ඒ සීල් එක ගහගත්තේ 77 මුල්කිරිගල අතුරු මැතිවරණයෙනි. ඒ වෙලාවේ හම්බන්තොටින් යූ.ඇන්.පී.ය එක්ක හැප්පුණේ මහින්දය. මේ ගැටුම කොතරම් තදට ගියාද කියනවා නම් අන්තිමේ යූ.ඇන්.පී. එක මහින්දව හිරේ දැම්මේය. මහින්දට තම මවගේ අවසන් කටයුතු සඳහා අන්තිමට මැදමුලනට යන්න සිද්ධ වුණෙත් අත්දෙකේ මාංචු දමාගෙනය.
නාමලුත් මහින්ද වගේම 2010 තමන්ගේ තාත්තගේ ආණ්ඩුවත් එක්ක දේශපාලනය ආරම්භ කළත් හොඳහැටි පොලිෂ් වෙලා එළියට ආවේ 2015න් පසු පිහිටුවූ මෛත්‍රි – රනිල් යහපාලන ආණ්ඩුවෙනි. ඒ වෙලාවේ මෛත්‍රිලාට ගහන්න විපක්‍ෂය බයවෙද්දී නාමල් බය නැතිව මෛත්‍රීටයි – රනිල්ටයි ගැහුවේය. යහපාලන ආණ්ඩුවට එරෙහිව පෙළපාලි ගියේය. නුවර ඉඳන් කොළඹට පාද යාත්‍රා ආවේය. මැයි රැලි සංවිධාන කළේය. කාලා ඉන්න බැරි තැන යහපාලන ආණ්ඩුව නාමල්ව හිරේ දැම්මේය. මහින්ද වගේම නාමල්ද දේශපාලන පන්නරය ලබාගත්තේ එතැනින්ය.
මහින්ද වගේම නාමලුත් පක්‍ෂයට ‘නිල් බළකාය‘ හදලා දුන්නේය. ‘තාරුණ්‍යයට හෙටක්‘ හදා දුන්නේය. ඒ සියල්ල අස්සේ නීති විභාගයත් ලිව්වේය.
ඒ අතින් බලද්දී නාමල් යන්නේත් මහින්ද ගිය අඩි පාරේමය.
ඒ විතරක් නෙමෙයි, මහින්දගේ එදා සිට ලොකුම හයිය තිබුණේ මාධ්‍ය එක්කය. මහින්ද හැමදාමත් මාධ්‍යයේ වීරයා විය. චන්ද්‍රිකාගේ කාලෙ ඉඳන්ම මහින්ද හිටියේ මාධ්‍ය වටකරගෙනය. මහින්ද නිසා මාධ්‍යයත්, මාධ්‍ය නිසා මහින්දත් එදා බැබළිණි.
හැබැයි මහින්ද පත්තර අල්ලගෙන ගහපු ගේම අද නාමල් ගහන්නේ අලුත් තාක්‍ෂණය එක්කය. එහෙමත් නැත්නම් සමාජ මාධ්‍ය ජාල අල්ලගෙනය. නාමල් අද සමාජ මාධ්‍ය ජාල කොච්චර ප්‍රබලව හසුරුවනවාද කියනවා නම් අද විපක්‍ෂයේ ලොකුම චෝදනාව වී ඇත්තේ ඒ අයට සෝෂල් මීඩියා ගහන ගැහිලි පසුපස නාමල් ඉන්නවා කියාය. විපක්‍ෂයට ඒ ප්‍රහාරයන්ට මුහුණ දීමට පවා නොහැකි වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ අතින් බලන විට නාමල් කියන්නේ මහින්දගේ කපාපු පලුවය.
මහින්ද 2015 පැරැදුණත් විශ්‍රාම නොයා නුගේගොඩින් යළි මහින්ද සුළඟ හරහා සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ නාමල්ගේ මේ ගමන ගැන ඉවෙන් මෙන් දැනගෙන විය යුතුය. නාමල් මේ ගමන යද්දී තමන් නාමල් පසුපස සෙවණැල්ල මෙන් හිටියොත් ඒක නාමල්ගේ ගමනට අමතර ශක්තියක් බව මහින්ද දනී. ඒ අනුව මෙවර මහමැතිවරණයෙන් පසු නාමල්ට පළමු වරට රටට, ජනතාවට වැඩ කරන්න අමාත්‍යාංශයක් හිමිවීමේ ඇති ඉඩකඩ වැඩිය. මොකද නාමල්ගේ පාර්ලිමේන්තු ජීවිතයට දැන් හරියටම වසර 10ක් පිරී අවසානය. දැන් නාමල් ඉන්නේ වගකීමක් අරගෙන වැඩක් කරන්න පුළුවන් මට්ටමේය.
‘ඒ කියන්නේ දැන් නාමල් හදාගෙන යන ගෙදර ෆවුන්ඬේෂන් එක දාලා ඉවරයි. දැන් තියෙන්නේ බිත්ති ටික නග්ගලා වහලෙ ගහන්න විතරද?’
එකත් එකටම ඊළඟ අවුරුදු පහේදී නාමල් ඇමැතිකමත් එක්කම තමන්ගේ ශක්තියෙන්ම මේ හදාගෙන යන ගෙදර බිත්ති ටික නග්ගවා ගන්නවා සිකුරුය. වහලෙ ගහන්න වෙන්නේ එක්කෝ 2025 ජනාධිපතිවරණයේදීය. ගෝඨා 2025ත් ඉල්ලුවොත් 2030 ජනාධිපතිවරණයේදීය.
2025 ඉල්ලනවා නම් නාමල්ගේ වයස 40කි. 2030 ඉල්ලනවා නම් නාමල්ගේ වයස 45කි.
‘එතකොට නාමල් එක්ක ජනාධිපතිවරණයට එන ප්‍රතිවාදියා කොයිවගේ කෙනෙක් වෙයිද?’
මේ පැත්තෙන් නැවැත වතාවක් සජිත් ඉල්ලනවා නම් 2025දී සජිත්ගේ වයස එතකොට 58කි. නාමල්ගේ වයස 40කි. සජිත් 2030ත් ඉල්ලනවා නම් සජිත්ට 63කි. නාමල්ට 45කි. ඒ වන විට පාර්ලිමේන්තුවේ දැන් ඉන්න හැම ජ්‍යෙෂ්ඨයකුම 80 පැනලාය.
ඒ අනුව දැන් බලා සිටින්නට ඇත්තේ ජොන්ස්ටන් කියපු විදියට නාමල් තමන් හදන ගෙදර වහලෙ ගහලා ගේම ෆිනිෂ් කරන්නේ 2025ද, එහෙමත් නැතිනම් 2030ද කියන එකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ශිහාන් වෙඩින් එකට ගහපු අලුත් TRACK එක

Next Post

මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වැඩ සිටින ලෝකයේ එකම පන්සල

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.