ජනතාව තමන් පත් කළේ මාස 60කට බවත් ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ජනතාව බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
‘ මාව ජනතාව පත් කලේ මාස 60 කට, තවම ගත වෙලා තියෙන්නේ මාස 14ක් වගේ කාලයක්. තව ගොඩක් කල් යන්න තියෙනවා. මම නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියල සමහර අය කලබල වෙලා තිබුනා. මම ආපහු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ජනතාව. මෙදා පාරත් ඒක තීරණය කලේ ජනතාවයි. ඒක නිසා මේ මාස 60 ඇතුලත මට පැවරුණු වැඩකොටසක් තියෙනවා කරන්න. එක මම ඉස්සර වෙලාම කරලා ඉවර වෙන්න ඕන’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.










