රන්ජන් රාමනායක මහතා අද (29) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරිවරයා පැවසුවේ, අද අලුයම කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු කටාර් බලා පිටත්ව ගිව බවයි.
එරට සිට ඔහු අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.
රන්ජන් රාමනායක මහතා පෙරේදා රාත්‍රී අමෙරිකාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණිය ද ඔහු වෙත පනවා තිබූ ගුවන් ගමන් තහනමක් හේතුවෙන් එම ගමන ව්‍යවර්ථ විය.