ඊයේ (15) දින ධුරවලින් ඉවත් කරන ලද ආණ්ඩුකාරවරු තිදෙනා වෙනුවට ජනාධිපතිවරයා විසින් පත්කිරීමට යන නව ආණ්ඩුකාරවරුන් තිදෙනාගේ නම් අප වෙත ලැබී තිබේ.
ඒ අනුව උතුරේ නව ආණ්ඩුකාරවරිය ලෙස පත්කිරීමට නියමිතව ඇත්තේ මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකාවක වන පී.එම්.එස්.චාල්ස් මහත්මියය.
නැගෙනහිර නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමට නියමිතව ඇත්තේ සෙන්දිල් තොණ්ඩමාන්ය.
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වයඹ පළාත් සභාවේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමට නියමිතව ඇත.










