මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවට කැඳවන බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, පළාත් පාලන මැතිවරණය සඳහා කොමිසම ඉල්ලු මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහු කොමිසම හමුවට කැඳවන බවයි.
ඒ අනුව දැනට පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට හැකිවෙතැයි ඔහු විශ්වාසය පළ කළේ ය.










