ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් හදිසියේම ලංකාවට එවීමට එම ආයතනය තීන්දු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම කණ්ඩායම ලබන ජුනි මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත බව පැවසේ.
මෙම සංචාරයේදී ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මෙම පිරිස විසින් සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
එමෙන්ම ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවී මෙරට තත්ත්වය පිළිබදව ඔවුන් සමග අදහස් හුවමාරු කරගැනීමටද මෙම පිරිස කටයුතු කරනු ඇති බව දැනගන්නට තිබේ.
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථික අර්බුද සම්බන්ධයෙන් විනා මානව හිමිකම් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු නොකළද බටහිර රටවලින් සහ යුරෝපා රටවලින් එල්ල වී ඇති ප්‍රබල බලපෑම් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීන්දුව ගෙන ඇති බව දඅනගන්නට ඇත.
ඒ අනුව මාස 06කට පසුව සිදුකිරීමට නියමිත පළමු සමාලෝචන අවස්ථාවට ප්‍රථම මෙම කණ්ඩායම ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.