එයාර් ඉන්දියා ගුවන් සේවය ලබන මාසයේ පලාලි යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු බ්‍රහස්පතින්දා පැවති රැස්වීමකදී කියා සිටියේ එයාර් ඉන්දියා ගුවන් සමාගම සතියකට ගුවන් ගමන් දෙක බැගින් ලබන මාසයේ සිට පලාලි දක්වා සිය මෙහෙයුම් ආරම්භ කිරීමට අදහස් කර ඇති බවයි.
මෙම යානය ආසන 75-90 ක ධාරිතාවකින් යුත් එකක් බව පැවසෙන අතර ඉන්දියානු සංචාරකයින් මෙරටට වැඩිවැඩියෙන් ගෙන ඒම එහි අරමුණය.
ජුලි 1 වැනිදා සිට උතුරු ගුවන් තොටුපළ වෙත ජාත්‍යන්තර ගුවන් සේවා කටයුතු නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අදහස් කර තිබුණි.
2019 ඔක්තෝම්බර් 17 වැනි දින චෙන්නායි සිට එලායන්ස් එයාර් ගුවන් යානය ගොඩබැස්සවීමත් සමඟ ගුවන්තොටුපළ මුලින්ම වාණිජ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත විය.










