තමිල්නාඩුවේ (TN) තිරුචිරප්පල්ලි හි පිහිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සඳහා වූ විශේෂ කඳවුරේ සිටි පාතාලයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාතික විමර්ශන ඒජන්සිය (NIA) සමත්වූ අතර මේ වනවිට ඒ සියලු දෙනාගේ ඡායාරූප අප වෙත ලැබී තිබේ.
මොවුන්ට එරෙහිව එල්ටීටීඊය පුනර්ජීවනය කිරීම සඳහා මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ඉදිරිපත්ව තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ඩුබායි, පකිස්ථානය සහ ඉරානය අතර නිතර ගමන් කළ පාකිස්තානය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හාජි සලීම් සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වූ බව ඒජන්සිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සී ගුණසේකරන් නොහොත් කිඹුලාඇල ගුණා, පුෂ්පරාජා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමග සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි හෙවත් බුම්මා, ලඩියා චන්ද්‍රසේන, ධනුක්ක රොෂාන්, වෙල්ලා සුරංක, අසිත නොයෙල් සහ තිලිපන් යන අය බව එම ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.












