• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

SEX එකෙන් MEX වෙච්ච සුන්දර දීපේ…

December 20, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
SEX එකෙන් MEX වෙච්ච සුන්දර දීපේ…
Share on WhatsAppShare on Facebook

අපි ලෝකෙන් එක වෙලා. ඒ පාර මොකෙන්ද එක වෙලා තියෙන්නේ? දැන් අපි එක වෙමින් යන්නේ දුප්පත්කමෙන්. කොහොමත් ලෝකෙ දර්ශකවල අපි ඉන්නේ මාර ඉදිරියෙන්. දුප්පත්කම පැත්තෙන් ගත්තම. පහුගිය දවස්වල ෆුට්බෝල් ලෝක කුසලානෙ තිබ්බනේ. ෆුට්බෝල් ලෝක කුසලානෙ පැවැත්වෙන අතර අපට ටිකක් හොයන්න හිතුණා අපි ෆුට්බෝල්වලින් ඉන්නේ කීවැනි තැනද කියලා. ඇත්තටම අපට මතක කාලේ ලංකාව ෆුට්බෝල්වලින් ලෝකෙ 112 වැනි සීමාවේ හිටියා. ඒත් දැන් අපි 200 සීමාවත් පැනලා. මොකෙන්ද අපි එතකොට එක වුණේ? එක වෙලා තියෙන්නේ ‘සෙක්ස්’ සර්ච් කිරීමෙන්. ඇත්තටම ‘සෙක්ස්’ සර්ච් කිරීමෙන් රටකට එක වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තාමත් අපට තියෙනවා. ඒකට හේතුව ශ්‍රී ලංකාව කියලා කියන්නේ පරිගණක සාක්ෂරතාව අතින් ඉතාම අඩු අගයක ඉන්න රටක්. ලෝකෙ අන්තර්ජාල පරිශීලකයෝ බිලියන 04ක් ඉන්නවා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාව, චීනය, බ්‍රසීලය, බංග්ලාදේශය, ඇමෙරිකාව වගේ රටවල ඉන්නකොට ලංකාව එහෙම එක වුණේ කොහොමද? ඇත්තටම ලංකාව එහෙම වුණේ කොහොමද කියන එක හොයනවට වඩා අපට දැන් හොයන්න තියෙන ප්‍රධාන දේ තමයි ඇයි අපට එහෙම වුණේ කියන එක. ඔය බණ කියමින්, බණ අහමින්, සංස්කෘතිය ගැන කතා කරමින්, ටීචර්ලගෙ සාරිය ගැන කතා කරමින්, බුද්ධාගම ගැන කතා කරමින් ඉන්න අතරතුරේ අපට කොහොමද එහෙම වුණේ? ඇත්තටම අපි සංස්කෘතියක් විදියට සෙක්ස් කියන එක මැජික් කරගත්ත ජාතියක්. සෙක්ස් මැජික් වුණාට පස්සේ මිනිස්සු සෙක්ස් සර්ච් කරන්න පටන් ගත්තා.

ලෝකෙ බොහෝ රටවල් සෙක්ස් කියන එක මැජික් එකක් බවට පත්කරලා නෑ. ඔබට මතකද දන්නේ නෑ ‘හතේ අපේ පොත’ කියලා පොතක් සම්බන්ධව පහුගිය දවස්වල කතාබහක් ඇතිවුණා. මේ පොත රචනා කරන්නේ හතේ පන්තියේ ළමයි වෙනුවෙන්. ඒ පොතේ තියෙන්නේ ලිංගික අධ්‍යාපනය. හැබැයි අපේ රටේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා නොදී තවදුරටත් මේ ලිංගික අධ්‍යාපනය මැජික් එකක් බවට පත්කරගෙන ඉවරයි. අපේ අටේ පන්තියේ ළමයි හිතාගෙන ඉන්නේ බබ්බු ගේන්නේ රෝස කැලෙන් කියලා. අල්ලපු වත්තේ මනුස්සයත් එක්ක නොදන්නාකමට කළ නොදන්නා දේකින් දරුවො ගැබ්ගත්තට පස්සේ, ඔවුන් ගැබ්ගත්ත බවවත් දන්නේ නෑ. උපත් පාලන පෙත්තක් අපේ දරුවන්ට ඇහැ ගැටෙන සීමාවෙවත් නොතියන්න අපේ මවුපියෝ වගබලා ගන්නකොට විදෙස් රටවල අවුරුදු 14, 15 දරුවන්ට මුලින්ම කොන්ඩම් එක ගැන, අනවශ්‍ය ගැබ්ගැනීම් සඳහා පාවිච්චි කරන පෙති ගැන කියලා දෙනවා. ඒ කියලා දෙන්නේ ඔවුන්ගේ ජීවිතයේ අනාරක්ෂිත දෙයක් ඔවුන් නොකරාවි, ඔවුන් අනාරක්ෂිත තත්ත්වයට පත්කර නොගනීවි කියන විශ්වාසය උඩ. ඒත් අපේ රටේ දරුවෝ ඉතා අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා ඉවරයි.

පහුගිය කාලෙක අම්මයි තාත්තයි හේනට ගිය වෙලාවේ මොනරාගල දරුවෙක් ගැබ්ගන්නවා. ඇය ගැබ්ගත් බව ඇයවත්, ඇගේ මවුපියන්වත් දැනගෙන හිටියේ නෑ. එහෙම ලෝකෙක තමයි අපි සෙක්ස් සම්බන්ධව සර්ච් කරන්න පටන් අරගෙන තියෙන්නේ. අපි සෙක්ස් වහලා, සෙක්ස් හංගලා, සෙක්ස් බලන්න එපා කියලා, සෙක්ස් පෙන්නන්න එපා කියලා මේක තවදුරටත් රහසක් කරගන්න හදනවා නම් ඒ මැජික් එක තවදුරටත් අපට කරන්න බෑ කියලා දැන් ආයෙත් වතාවක් තේරිලා ඉවරයි. සෙක්ස් වැඩිපුරම හොයලා තියෙන්නේ ඌව පළාතේ. ඒක ඌව පළාතේ අයට කරන අපහාසයක් විදියට පාවිච්චි කරන්න එපා. සෙක්ස් කියලා කියන්නේ ඇත්තටම හොයන්න ඕනෙ දෙයක්. බලන්න ඕනෙ දෙයක්. මේක වෙන්නේ කොහොමද, මේක කරන්නේ කොහොමද කියලා නොදැන අපේ රටේ පිළිසිඳගත් දරුවන් ප්‍රතිකාර ගන්න එන වෛද්‍යවරයෙක් එක්තරා වෙලාවක කියනවා ලිංගිකව හැසිරීම සම්බන්ධ දැනුමක් අපේ රටේ වැඩිහිටියන්ටවත් නෑ කියලා. ඇත්තටම මේ මැජික් එක, මේ රහස ඇයි මෙච්චර කල් හංගගෙන හිටියේ. අපට තවමත් තේරෙන්නේ නෑ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පවා ස්ත්‍රී ශරීරය වර්ණනා කරලා කවි ලියනකොට අපේ මිනිස්සු හැමදාම හැදුවේ ස්ත්‍රී ශරීරය හංගලා, වහලා, ඒක අයිති නැති දෙයක් කියලා, බලන්න හොඳ නැති දෙයක් කියලා රහසක් බවට පත්කරගන්න. ඒ රහස තමයි අපිව මේ තැනට අරගෙන ආවේ කියලා අපට අවසන් වශයෙන් කියන්න තියෙනවා. කොහොම නමුත් හොයන්න ඕනෙ දේවල් හොයන්නත්, බලන්න ඕනෙ දේවල් බලන්නත් නිදහස දුන්නොත් මිනිස්සු මීට වඩා නිදහසේ අපේ රටේ ජීවත් වේවි කියලා මේ වතාවේ අපට තේරුණා. ඇත්තටම ගතවෙලා යන්නේ කන්න නැති කාලයක්. ගෑස් නැති කාලයක්. පෙට්‍රල් පෝලිම්වලට මිනිස්සු ජීවිත ගතකරපු කාලයක්. මිනිස්සුන්ට ආර්ථිකය සම්බන්ධව විශාල ප්‍රශ්නයක් ඇතිවෙච්ච කාලයක්. එහෙම කාලෙක වුණත් මිනිස්සු මේ දේවල් බලනවා නම්, මේ දේවල් හොයනවා නම්, ඒක කාගෙ ප්‍රශ්නයක්ද කියලා දෙපාරක්, තුන්පාරක් නෙවෙයි හය හත්පාරක් හිතන්න ඕනෙ.

මේ ගණන් හිලව් සම්බන්ධව යම් කිසි තැන්වල අපැහැදිලි දේවල් ටිකකුත් තියෙනවා. 2021 සැප්තැම්බර් මාසෙ 09 වැනිදා ඉන්දියා ටයිම්ස් කියන වෙබ් අඩවිය වාර්තා කරලා තියෙනවා Top 10 most porn watching countries in the world කියලා. ඒ කියන්නේ ලෝකයේ සෙක්ස් වීඩියෝ වැඩිපුරම බලපු රටවල් සම්බන්ධව සමීක්ෂණයක් කරලා ඒගොල්ලේ පළකරනවා. ඒකෙ අංක 01 වෙන්නේ පාකිස්තානය. අංක 02 ඊජිප්තුව. අංක 03 වියට්නාමය. අංක 04 ඉරානය. 05 මොරොක්කෝව. 06 ඉන්දියාව. 07 සෞදි අරාබිය. 08 තුර්කිය. 09 පිලිපීනය. 10 පෝලන්තය විදියටයි සඳහන් වෙන්නේ. මේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ ඇතුළත් වෙන්නේ නෑ. ඒක තමයි මේකෙ තියෙන රහස. 2015 පෝර්න් වීඩියෝ සම්බන්ධ රටවල් ලැයිස්තුගත කරනවා. ඒ වෙලාවේ අංක 01ට ඉන්නේ යුනයිටඩ් ස්ටේට්. ඒ කියන්නේ ඇමෙරිකාව. අංක 02 එංගලන්තය. 03 ඉන්දියාව. 04 කැනඩාව. 05 ජර්මනිය. 06 ප්‍රංශය. 07 ඔස්ටේ්‍රලියාව. 08 ඉතාලිය. 09 බ්‍රසීලය. 10 මෙක්සිකෝව. 11 රුසියාව. 12 ජපානය. 13 ස්පාඤ්ඤය. 14 නෙදර්ලන්තය. 15 පෝලන්තය. 16 පිලිපීනය. 17 ස්වීඩනය. 18 ආජන්ටිනාව. 19 රුමේනියාව. 20 බෙල්ජියම. මේ විදියට ගත්තට පස්සේ ඇත්තටම ලංකාව මේ තත්ත්වයට පත්වෙලාද?

එමිරේට්ස් 24 7 වෙබ් අඩවිය වාර්තා කරනවා ලෝකයේ අංක 01ට සෙක්ස් සර්ච් කරන රට විදියට ලංකාව කියලා. මේ 2012 දෙසැම්බර් මාසෙ ඔවුන් වාර්තා කරපු ලිපියක තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ. ඔවුන් 2012 කියනවා ලෝකෙ වැඩියෙන්ම සෙක්ස් සම්බන්ධව සර්ච් කරන රට ශ්‍රී ලංකාව කියලා. අංක 02 ඉන්දියාව, අංක 03 පැපුවා නිව්ගිනියාව, අංක 04 ඉතියෝපියාව, අංක 05 පාකිස්තානය, අංක 06 බංග්ලාදේශය, 07 වියට්නාමය, 08 නේපාලය, 09 සෝමාලියාව සහ අංක 10 කාම්බෝජය විදියටයි ඔවුන් නම්කරන්නේ.

2022 සෙක්ස් සර්ච් කරපු රටවල් අතර ලංකාව ඉදිරියෙන් ඉන්නා බව මේ වන විට වාර්තා වෙලා තියෙනවා. ඇත්තටම මේ වාර්තා සත්‍යද, නැත්නම් මේ වාර්තාවල තියෙන සමහර කාරණා පිළිගත හැකිද කියන එක සම්බන්ධව ප්‍රශ්න තියෙනවා. ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරනවා ශ්‍රී ලංකාව තමයි ලෝකෙ වැඩියෙන්ම සෙක්ස් සම්බන්ධව හොයපු රට කියලා. මේ ලිපියට අනුව ශ්‍රී ලංකාව අංක 01ට තියෙනවා. ඒ, 2022 අවුරුද්දේ. 2022 දෙසැම්බර් මාසේ 12 වැනි සඳුදා තමයි ඔවුන් මේ සම්බන්ධව වාර්තා කරන්නේ. ඒ අනුව ලංකාව සියලු රටවල් පරාජය කරමින් ප්‍රථම ස්ථානයට එන්න සමත්වෙලා තියෙනවා. මේ සම්බන්ධව කතා කරද්දී අපට වැරැදුණේ කොතැනද, කොතැනද ප්‍රශ්නෙ තියෙන්නේ, මේක වුණේ කොහොමද, මේකට වගකියන්න ඕනෙ කවුද, මේ ප්‍රශ්නෙ ඇත්තද, බොරුද ඒවා හොයාගන්න ඔබට භාරයි. අපේ වගකීම වෙන්නේ කතාව කියන එක විතරයි.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඉන්දියාවේ පොලිසිය අල්ලගත්ත ලංකාවේ කොටි නැගිට්ටුවන-කුඩු-පාතාල කෙරුමන් 9 දෙනාගේ පින්තූර මෙන්න! EXCLUSIVE

Next Post

මතකද බුවනෙකබා රජ්ජුරුවන්ගේ රාජසභාව කඩා දැම්මා කියපු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව! අන්න ඒ නගර සභාවේ අයවැය අද පරාද වෙලා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.