පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට විපක්ෂය අසත්‍ය පුවත් මවමින් සිටින බවත්, පොහොට්ටුව පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට සූදානම් බවත් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා කියා සිටියේ මැතිවරණයට මුහුණ දීමට බියට පත්ව සිටින විපක්ෂය මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවකි.










