ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන ලද රතු නිවේදනයකට අනුව ඉන්ටපෝල් සහ ඉන්දියානු පොලිසිය විසින් පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ කිඹුලා ඇල ගුණා, ඔහුගේ පුතා සහ අති දෂ වෙඩික්කරුවකු වූ බුම්බා යන අය අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා තහවුරු කළේය.
මීට අමතරව ඉදිරියේ දී ද විදේශ රටවල සිටින පාතාල සහ මත්ද්‍රව්‍ය කටයුතු සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.










