ජාතික ධජයේ සිංහයාගේ රූපයේ යම් යම් අඩුපාඩුකම් පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ දැනට පවතින ජාතික ධජයේ සිංහ රුව සංශෝධනය කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.
මෙය සිදු කිරීමට නම් විශාල ක්‍රියාවලියක් සිදු කළ යුතුව එමෙන්ම මෙම යොජනාවලිය සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවර පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් සැමරුම වැනි දා සාපේක්ෂව සාමාන්‍ය අයුරින් සිදු කිරීමට සැළසුම් කර ඇතැයි ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.









