• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉගෙනගනිල්ලා මහින්දගෙන්… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

May 9, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉගෙනගනිල්ලා මහින්දගෙන්… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

2015 ජනාධිපතිවරණයට රනිල් ආවෙ නැත්තේ තමන්ට එම ජනාධිපතිවරණයෙන් දිනන්න බැරි බව රනිල් හොඳ හැටි දැන සිටි නිසාය. ඒ මොහොතේ රටේ තිබුණු තත්ත්වය අනුව රනිල් ඇතුළු යූ.ඇන්.පී.ය සිතුවේ පිටින් අපේක්ෂකයකු හයර් කරගෙන ඇවිත් පොදු අපේක්ෂක බෝඩ් එක එල්ලා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහොත් දිනන්න පුළුවන් කියාය. එහෙම හිතපු රනිලුත්, යූ.ඇන්.පී.යත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වූ මෛත්‍රිපාල සිරිසේනව පොදු අපේක්ෂකයා කොට එම පක්ෂයේ සභාපතිවරයා වූ මහින්දට එරෙහිව තරගයට ඉදිරිපත් කළේය. එසේ ඉදිරිපත් කළා විතරක් නොව මෛත්‍රිව ජයග්‍රහණය කරවීමටද ඔවුහු සමත් වූහ.

හැබැයි මෛත්‍රිව ජයග්‍රහණය කරවූවාට පසු රනිල් ඇතුළු යූ.ඇන්.පී.ය සිතුවේ මෛත්‍රි දින්නේ රනිල්ගේ යූ.ඇන්.පී. ඡන්දවලින් යැයි කියාය. ඒ ඡන්ද නොතිබුණා නම් මෛත්‍රිට කවදාවත් මේ රටේ ජනාධිපති වෙන්න බැරි බව ඔවුන්ගේ නිගමනය විය. මෛත්‍රි දිනූ හැටියේම රනිල් කාගෙන්වත් ඇහිල්ලක් බැලිල්ලක් නැතිව අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ ඒකය. එහෙම අගමැති ධුරයේ දිවුරුම් දී ඇමැති මණ්ඩලයත් පත් කළේ රනිල්ට ඕනෑ විදියටය. ඒ විතරක් නොව අමාත්‍යාංශ ලේකම්වරු, සංස්ථා සභාපතිවරු, අගවිනිසුරු, මහ බැංකු අධිපති, පොලිස්පති යන සියලු තනතුරු පත් කළේ ද රනිල්ගේ ඕනෑ එපාකම් අනුවය.

මේ විදියට විධායක ජනාධිපති ක්‍රමය යටතේ දිවුරුම් දුන් මෛත්‍රි පඹයකු කොට ඒ විධායක බලතල නොනිල විදියට රනිල් අරගෙන තිබුණත්, ඒකෙන් රනිල්වත්, යූ.ඇන්.පී.යවත් සෑහීමකට පත් වුණේ නැත. කොටින්ම කියනවා නම් ඒ බලතලවලින්වත් රනිල්ලා තෘප්තිමත් වූයේ නැත. ඒ නිසා නිල නොවන විදියට තිබූ ඒ නාමික බලතල ව්‍යවස්ථාවෙන්ම තමන් යටතට ගැනීමට රනිලුත්, යූ.ඇන්.පී.යත් සැලසුම් සකස් කළහ. 19 වැනි සංශෝධනය කරළියට ආවේ එහි ප්‍රතිඵලයක් විදියටය. 19න් ජනාධිපතිවරයාගේ බලතල රැසක් කප්පාදු කොට අගමැතිවරයා යටතට පත්කොට තිබිණි. එහෙම කරද්දීවත් මෛත්‍රි මොකුත් නොකියා කරබාගෙන සිටියේ තමන්ට ජයග්‍රහණය කිරීමට රනිලුත් යූ.ඇන්.පී.යත් උදව් කළා කියන එක ඔළුවේ තියාගෙනය.

හැබැයි 19 සම්මත වී ටික කලක් යන විට රනිල් ඇතුළු යූ.ඇන්.පී.ය තමන් පඹයකු කොට ඇති බව මෛත්‍රි තේරුම් ගත්තේය. යහපාලන ආණ්ඩුව ඇතුළේ ගිනිකෙළි සංදර්ශන පටන් ගත්තේ ඉන් අනතුරුවය. මෛත්‍රි තමන්ගේ බලතල පාවිච්චි කිරීමට පටන්ගැනීමත් සමග රනිල්ලාට කරකියාගත හැකි දෙයක් නොවීය. මෛත්‍රි එක් පැත්තකට අදිද්දී රනිල් අනික් පැත්තට ඇද්දේය.

“යහපාලන ආණ්ඩුව එළහරකයි මීහරකයි වගේ. මෛත්‍රි එක පැත්තකට අදිනවා. රනිල් අනෙක් පැත්තට අදිනවා. මේකෙන් වෙන්නේ රටම විනාශ වෙන එක.”

යහපාලන ආණ්ඩුව වැඩකරන හැටි දැක මහින්ද හිනාවෙවී කීවේ එහෙමය. මහින්ද කී කතාව ඇත්තය. දෙන්නාගේ දෙපැත්තට ඇදිල්ලෙන් යහපාලන ආණ්ඩුව විනාශ විය. ආණ්ඩුව විතරක් නොව, ආණ්ඩුවත් එක්කම රටද විනාශ විය.
මේ විනාශයෙන් අළු දූලි වෙලා ඉන්න විපක්ෂය පාඩම් ඉගෙන ගන්න ඕනෑ වෙන කාගෙන්වත් නොව මහින්දගෙන්ය.
මහින්ද 2019 ජනාධිපතිවරණයට ආවේ නැත්තේ දිනන්න බැරි නිසා නොව, ව්‍යවස්ථාවෙන් මහින්දට තුන්වැනි වරට තරග කරන්නට බැරි විදියට රනිල්ලා පනවා තිබූ බාධාව නිසාය. ඒ බාධාව නොතිබුණා නම් මහින්ද 2019 තරග වදිනවා පමණක් නොව, ඡන්දයෙන් දිනා ජනාධිපති පුටුවේ නැවත වාඩිවෙනවාත්ය. තමන්ට එන්න බැරි නිසා මහින්ද කළේ එම අවස්ථාව ගෝඨාට දීමය. ඒ දුන්නා විතරක් නොව තමන්ගේ ඡන්ද සියල්ලම ගෝඨාට හරවලාද දුන්නේය. ගෝඨා ජනාධිපතිවරණය දිනුවේ මහින්දගේ ඒ ඡන්දවලින්ය.

එහෙව් එකේ එදා රනිල්ලා සහ යූ.ඇන්.පී.ය මෛත්‍රි දිනවලා බලතල ගත්තා වගේ ආණ්ඩු කිරීමේ බලය තමන්ට දෙන්න කියලා කියන්න මහින්දට අයිතියක් තිබිණි. ඒ විතරක් නොව 19 වැනි සංශෝධනය තවත් ශක්තිමත් කොට අගමැතිට තවත් බලතල පවරන ලෙස ගෝඨාට කියන්න මහින්දට අයිතියක් තිබිණි. තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි ලෙස ව්‍යවස්ථාවට ඇතුළු කොට ඇති වගන්තිය ඉවත් කරන ලෙසට කියන්න මහින්දට අයිතියක් තිබිණි.
හැබැයි මහින්ද ඒ එකක්වත් කියන්න ගියේ නැත. ඒ වෙනුවට මහින්ද කීවේ එකම එකක් පමණි.

“ජනතාව රට ආණ්ඩු කරන්න බලය දුන්නේ ගෝඨාට. ඒ හින්දා අපි ඒ අවස්ථාව ගෝඨාට දෙන්න ඕනෙ. දෙන්නෙක් රට ආණ්ඩු කරන්න ගියොත් මේ රට විනාශ වෙනවා.”

මහින්ද කීවේ එහෙමය.

20 වැනි සංශෝධනය සම්මත කොට මහින්දගේ බලතල තවත් අඩුවෙද්දී කිසිම මොහොතක මහින්ද, ගෝඨා දින්නේ මගේ ඡන්දවලින් යැයි කියන්න ගියේ නැත. ගෝඨාගෙන් බලතල ඉල්ලන්න ගියේ නැත. සමහර වෙලාවට ගෝඨා තමන් අකැමැති තීන්දු ගත්තත් මහින්ද කවදාවත් ගෝඨාගේ තීන්දු තීරණ විවේචනය කරන්න ගියේ නැත. ගෝඨාගේ කකුලෙන් අදින්න ගියේ නැත. අද ආණ්ඩුව ආරක්ෂා වෙලා තියෙන්නේ මේ නිසාය.

ගෝඨාගේ යම් යම් තීරණ හරි නෑ කියලා මහින්ද ගෝඨාට රහසින් හෝ පෞද්ගලිකව කියනවා ඇත. නමුත් මහින්ද කවදාවත් එළිපිට ඒ තීරණ වැරැදියි කියලා කියන්නට ගොස් නැත. ගෝඨා දිනවන්න සහාය දැක්වූ බොහෝ පාර්ශ්ව, හිමිවරුන් ගෝඨාගේ තීන්දු ප්‍රසිද්ධියේ විවේචන කරමින් තමන්ගේ මුහුණටම කියා සිටිද්දීත් මහින්ද ඒවා සිනාසෙමින් අසා සිටිනවා විනා ඒ ගැන වචනයක්වත් කියන්නට යන්නේ නැත. මහින්දගේ මේ හැසිරීම යහපාලන ආණ්ඩුවේ සිටි සෑම දෙනකුටම හොඳ පාඩමක්ය.

ආණ්ඩුවට විතරක් නොව, රටට ආදරය කරන සියලු දෙනාම හැසිරිය යුත්තේ මහින්ද අද කටයුතු කරන ආකාරයටය. ඒ සියල්ලන්ම ආදර්ශයට ගත යුත්තේ මහින්දවය. මහින්ද මෙහෙම හැසිරෙන්නේ වෙන කිසිවක් නිසා නොව දෙපැත්තට ඇද ඇද ගහගන්නට ගියහොත් විනාශ වන්නේ රට බව හොඳ හැටි දන්නා නිසාය. මහින්ද කියන්නේ රටට ආදරය කරන, රටේ ඉදිරිය දකින චරිතයක්ය.

ඒ නිසා අද මහින්ද තමන්ගේ සීමාව දැනගෙන මල්ලීට රට පාලනය කරන්නට ඉඩ දී නිහඬව සිටින්නේ රට ගැන හිතලාය.

ඒ නිසා රනිලුත්, යූ.ඇන්.පී.යත් එදා යහපාලන ආණ්ඩුව කරගෙන යද්දී මහින්ද වගේ සිතුවා නම් යහපාලන ආණ්ඩුව විනාශ වන්නේ නැත. ඒ වගේම රටට මෙහෙම විනාශ වෙන්නේද නැත.

අද රටේ ජනතාව භුක්ති විඳින්නේ යහපාලන ආණ්ඩුව එදා දෙපැත්තට ඇද රට විනාශ කරපු එකේ පලවිපාකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ලංකාව බේරෙයි: චීන රොකට්ටුව ඉන්දියන් සාගරයට කඩා වැටෙයි

Next Post

මැයි 23 කොරෝනා උපරිමයට! සැප්තැම්බර් වෙද්දි ලංකාවේ මරණ 20,000ක්!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.