පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මනින් දිනයක් නියම කරන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
2023 වර්ෂය සඳහා සම්මත කරනු ලැබු අයවැයෙන් පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා වෙන්කරනු ලැබු මුදල් රඳවා තබාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර ඇති බව අදාළ ලිපියේ සඳහන් වේ.
එම නියෝගයට අනුව ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම මත එය මුලික මිනිස් අයිතිවාසිකමක් සේ සළකා ක්‍රියාකර ඇති බව ජාතික ජන බලවේගය පවසයි.
එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට අනුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කිරීම හැකි ඉක්මනින් සිදුකරන ලෙස ජාතික ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.












