• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ 50 සහ මිනිසුන්ගේ 50…

July 4, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල්ගේ 50 සහ මිනිසුන්ගේ 50…
Share on WhatsAppShare on Facebook

මව්රට හදපු ශේෂපත්‍රය…

රනිල් වික්‍රමසිංහ හයවැනි වරටත් ලංකාවේ අගමැති වී දින 52ක් ඉක්ම ගොස් අවසන්ය. මින් පෙර අවස්ථා පහෙන් හතරකදී මෙන්ම මෙවරද ඔහුට අගමැති ධුරය හොබවන්නට සිදුවී අත්තේ දේශපාලන වශයෙන් ප්‍රතිවාදී මත දරන පක්ෂයක් නියෝජනය කරන ජනාධිපතිවරයෙක් යටතේය. එහෙත් මෙවර ඔහු අගමැති ධුරය භාරගත්තේ එකී ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරේ නයකයන් ආරක්ෂා කිරීමට නිසා ඔහුට මෙවර යම් තරමක පහසුවක් දැනෙනු ඇතැයි බොහෝ පාර්ශ්ව විශ්වාසය පළකර සිටියහ. ඔහුට දැනෙන පහසුව කෙසේ වෙතත් මෙරට ජනතාවට ඔවුන් භුක්තිවිඳි සියලු පහසුකම් අහිමිව බිත්තියටම හේත්තු වන්නට සිදුව ඇති බව නම් මේ වන විට ඉඳුරාම පැහැදිලිය.

රනිල් අගමැති ධුරයේ දිවුරුම් දීමට සමගාමීව දිගු නින්දකට වැටී සිටි ඔහුගේ සිරිකොත බළකාය වහා සක්‍රීය විය. එක කොටසක් අගමැතිගෙන් වැඩකර දෙන්නට අත්තිකාරම් භාරගන්නට පටන්ගත් අතර තවත් පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ රනිල් අත ‘ඇලඩින්ගේ පුදුම පහන’ ඇති බවට පුවත් පතුරුවන්නට විය. හදිසි ආධාර ලෙස ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන තුනක්, ජපානයෙන් ඩොලර් මිලියන හයක් ආදී වශයෙන් ලැබෙන බව කියමින් ඔහුගේ හිතවතුන් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන්නට විය. එමතුදු නොව ජපාන තානාපතිවරයා හදිසි ආධාර ගැන කතාකරන්නට ජපානයට ගිය බවත් රනිල්වාදීන් හැම තැනකදීම කියන්නට විය. මින් වඩාත් අසීරුවට පත්වූයේ මෙරට ජපන් තානාපති කාර්යාලයයි. තානාපති හදිසියේ ජපානයට ගියේ ආධාර ගෙන ඒමටදැයි බොහෝ දෙනා දුරකතන මාර්ගයෙන් විමසන්නට වීම ඊට හේතුවයි. අවසන හේතුව සොයා ගන්නට හැකි විය. තානාපතිවරයා හදිසියේ සියරට ගොස් ඇත්තේ කලින් යොදාගත් සැත්කමකට මුහුණ දීමටය.

මෙවැනි විකාර රංගන නිසා රනිලාගමනයේ බලාපොරොත්තු එකින් එක බිඳවැටීමට පටන්ගත් අතර අද වන විට ඒවා ඔහු විසින් බි්‍රතාන්‍ය අගමැති, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වැන්නවුන් සමග පැවැත්වූ බව කියනා දුරකතන සාකච්ඡා කිහිපයකට සීමාවී තිබේ. එහෙත් මෙකී සාකච්ඡාවලින් ලද කිසිදු ප්‍රතිලාභයක් පිළිබඳ තොරතුරක් නොමැති හෙයින් එකී සාකච්ඡාවන් රාජ්‍ය නායකයකු පවත්වන සාම්ප්‍රදායික සාකච්ඡාවන් ඉක්මවා ගිය ඒවා ලෙස පිළිගන්නට හැකියාවක් නැත. අගමැති ධුරය ලබාගැනීමට පෙර ඔහුට ඩොලර් බිලියන ගණනින් ආධාර දෙන්නට බලා ඉන්නවා යැයි කියූ ජපානය, චීනය, බි්‍රතාන්‍යය වැනි රටවල් ආධාර කරනු තබා අගමැතිවරයා ලෙස පත්වීම පිළිබඳ ඔහුට සුබ පතත්නටවත් ඉදිරිපත් නොවීම මෙහිදී කැපීපෙනේ. සැබැවින්ම රනිල් කළේ ලංකාවට මෙන්ම ලෝකයටම එපාවූ රාජපක්ෂ ආණ්ඩුවට හුණු පිරියම් කර නව ආණ්ඩුවක් බව පෙන්වීමට උත්සාහ ගැනීමය. ඔහුගේ එකී උත්සාහයට කිසිම රටක් රැවැටිය නොහැකි විය. වර්තමානයේ රටක් ලෙස අප මුහුණ දෙමින් සිටින කටුක යථාර්ථය එයයි.

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දෙන්නේ පසුගිය මැයි 12 වැනිදාය. ඒ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර තිබිණි. එවකට මුදල් අමාත්‍යවරයා වූ අලි සබි්‍ර සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය අප්‍රේල් මස 17 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවනු වස් නිව්‍යෝර්ක් බලා පිටත්ව ගිය අතර එම සාකච්ඡා අප්‍රේල් 18 වැනිදා ආරම්භ විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ආර්ථික අර්බුදයන්ට ලක්වුණු රටවල් සඳහා උපකාර කිරීමට පිහිටුවා ඇති ජාත්‍යන්තර ආයතනයකි. එහි ආධාර ලබාගන්නට නිශ්චිත ක්‍රමවේදයක් සහ සම්පූර්ණ කළයුතු ක්‍රියාවලියක්ද වෙයි. ශ්‍රී ලංකාවේ අර්බුදය කෙතරම් විශාල වුවත් එකී වැඩපිළිවෙළ වෙනස් වන්නේ හෝ කඩිනම් වන්නේ නැත. ඒ අනුව මහින්ද රාජපක්ෂ රජයේ මුදල් අමාත්‍ය අලි සබි්‍ර විසින් ආරම්භ කරන ලද වැඩපිළිවෙළ ඉදිරියට යායුතු පිළිවෙළට ඉදිරියට ගියා මිස රනිල් වික්‍රමසිංහ සතුව ඇතැයි කී ජාත්‍යන්තර සබඳතාවන්ගෙන් ඊට කිසියම් උත්තේජනයක් ලැබුණේ නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා එසේ ඉදිරියට යන අතර ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය අඛණ්ඩව ඉදිරියට ඇදෙමින් තිබිණි. ඖෂධ, ඉන්ධන, ගෑස් හිඟය රට පුරා පැතිර යන්නට විය. එදිනෙදා ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමට බැරි තැනටම සාමාන්‍ය ජනයා පත්විය. එහෙත් රට බැරි බැරි ගාතේ හෝ ඉදිරියට ඇදෙන්නට එකම සවිය වූයේ ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ලද ඩොලර් බිලියනයකට ආසන්න ණය ප්‍රමාණයය. එම ණය ප්‍රමාණය ශ්‍රී ලංකාවට ලබාගැනීමේ සාකච්ඡා ආරම්භ වනුයේ පසුගිය මාර්තු මාසයේය. ඒ සඳහා සහභාගි වූයේ එවක මුදල් අමාත්‍ය ධුරය දැරූ බැසිල් රාජපක්ෂ සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගලය. ඔවුන් ඉන්දියාවේ සංචාරය කළ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කොට ඩොලර් බිලියනයක ණය ආධාරයක් සඳහා 2022 මාර්තු 17 වැනිදා ගිවිසුම් අස්සන් කළහ. පෙරළා ශ්‍රී ලංකාවට පැමිණි බැසිල් අවුරුදු කන්නට ඉන්දීයාවෙන් මුදල් ලැබුණු බවට ආඩම්බර සහිත ප්‍රකාශයක්ද කළේය. එකී ඉන්දීය ණය ආධාරය යොදාගනිමින් ශ්‍රී ලංකාව ඖෂධ, සහල්, තිරිඟු‍ පිටි වැනි දෑ මිලට ගත් අතර ඉන් වැඩි කොටස ඉන්ධන සඳහා යොදාගන්නා ලදී. අගමැති ලෙස දිවුරුම් දෙන්නට රනිල් ගිය මොටෝ රියටත් ගසා තිබුණේ බැසිල් ණයට ගෙනා තෙල්‍ය. අගමැති පමණක් නොව ලංකාවේ කොයි කවුරුත් පාවිච්චි කළේ මාර්තු 17 වැනිදා අස්සන් කළ ඉන්දීය ණය ආධාර යටතේ ලබාගත් තෙල්ය. එකී ණය ක්‍රමය යටතේ ලද අවසාන ඉන්ධන තොගය පසුගිය 16 වැනිදා ශ්‍රී ලංකාවට ලැබිණි.

එම නෞකාවෙන් රැගෙන ආ ඉන්ධන තොගය නිමවූ පසු ඉන්ධන සපයාගන්නේ කොහෙන්දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට වැටහීමක් තිබුණේ නැත. ඉන්දීය ණය ආධාරය යටතේ ලද අවසාන ඩොලරයත් වියදම් කළ පසු රනිල් වික්‍රමසිංහ තවත් ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන් ඉල්ලා සිටි අතර ඊට මේ වන තුරු ඉන්දීය රජය එකඟ වී නැත. රටේම අවාසනාවට බලශක්ති ඇමැතිගේ ක්‍රියාකලාපය අගමැතිගේ ක්‍රියාකලාපයට දෙවැනි වූයේ නැත. එකම තෙල් නැවක්වත් එන්නේ නැති බව සහසුද්දෙන් දැන දැනත් ‘19 වැනිදා නැවක් එනවා, 23 වැනිදා නැවක් එනවා’‍ ආදී වශයෙන් ප්‍රකාශ නිකුත් කරමින් පීඩිත ජනතාව ‘පැට්‍රල් ෆැන්ටසියක’ අතරමං කර තව තවත් පොලිම්වලට ගාල් වන්නට දිරි දුන් ඔහු අවසානයේ ජාතිය රැවටීම ගැන ට්විටර් පණිවුඩයකින් සමාව ගෙන, තෙල් සොයා කටාර් රාජ්‍යය බලා ඉගිළ ගියේය.

අද වන විට රනිල්ගේ ආණ්ඩුව යටතේ දින 52ක් ගෙවා ඇති අතර ඒ දින 52 ලංකා ඉතිහාසයේ නරකම දින 52 බව පැවැසිය හැකිය. ශ්‍රී ලංකාවේ දරුණුම තෙල් පෝලිම පසුගිය සතියේ වාර්තා වූ අතර, තෙල් නැති බව දැන දැනත් එකී පෝලිම් තව දුරටත් දිග්ගැස්සෙමින් තිබේ. පසුගිය 28 වැනිදා සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලික ගැනුම්කරුවන්ට ඉන්ධන අලෙවි කිරීම නතර කර දමන්නට කටයුතු කර තිබිණි. එහෙත් තවමත් ඉන්ධන පෝලිම් රට පුරා දැකගත හැකි අතර ඒවායේ රැඳෙන්නෝ ආහාර ගැනීම, නිදාගැනීම වැනි කාර්යයන් පවා පෝලිම්වල සිටම කරගන්නා තැනට පත්ව සිටිති. ඊට අමතරව තෙල් පෝලිම් ආශ්‍රිතව වාර්තා වන ප්‍රචණ්ඩ ක්‍රියා දිනෙන් දින ඉහළ යන ආකාරයක් දැකගත හැකි අතර, දින තුන හතර පෝලිමේ සිට එහිම මියයන පිරිසද දෛනිකව ඉහළ යමින් තිබේ. තෙල් පෝලිම් අශ්‍රිතව සිදුකරන පොලිස් පහරදීම් මෙන්ම මැර ප්‍රහාරද ඒ ආකාරයෙන්ම ඉහළ යෑම නිසා තෙල් පෝලිම් පුංචි චිකාගෝවක් බවට පත්වෙමින් තිබේ. වෙනකක් තබා සංවිධානාත්මකව තෙල් තොග රැස්කර වැඩි මිලට අලෙවි කිරීම දැන් ප්‍රසිද්ධියේ කරන දෙයක් බව රටේ සිවුදෙසින් ලැබෙන වාර්තා පවසයි. විදේශයකින් තෙල් ගෙන එනු තබා දේශීයව කෙරෙන එකී අකටයුත්ත පාලනය කිරීමටවත් රනිල් – ගෝඨා ආණ්ඩුවට සැලැස්මක් නැත.

තෙල් අර්බුදයේදී වැඩි අවධානය ඩීසල් සහ පෙට්‍රල්වලට යොමු වුවද දුප්පතුන් වඩාත් පීඩාවට පත් කරන සාධකය බවට භූමිතෙල් හිඟය පත්ව ඇත. අද වන විට බොහෝ දිළිඳු ජනයා රාත්‍රිය ගෙවන්නේ කළුවරේය. අවම වශයෙන් වෙළෙඳපොළේ ඉටිපන්දමක්වත් මිලට ගන්නට නැත. රටට ආදායමක් ගෙන ආ ගුවන් යානා ඉන්ධන සැපයුමද මුළුමනින්ම බිඳවැටී අවසන්ය. දැන් ලංකාව ගුවන් යානා තෙල් ලබාගන්නේ ඉන්දියාවෙනි. මීට ආසන්නතම හේතුව සපුගස්කන්ද පිරිපහදුව බිඳවැටීමය. ප්‍රමාණවත් බොර තෙල් සැපයුමක් සහිතව සපුගස්කන්ද පිරිපහදුව උපරිම ආකාරයෙන් පවත්වාගෙන ගියේ නම් ඉන් දෛනිකව භූමිතෙල් ලීටර 13,00,000ක් නිපදවාගත හැකිව තිබිණි. මෙතරම් දුර පෙනෙන බව කියූ රනිල් වික්‍රමසිංහට අවම වශයෙන් සපුගස්කන්ද පිරිපහදුව පවත්වාගෙන යෑමට ඕනෑකමක් නොවුණේ ඇයි දැයි ඔහුගේම භාෂාවෙන් කියන්නේ නම් ‘කොමිසමක් පත්කර’ සොයා බැලිය යුතුය.

රනිල් වික්‍රමසිංහ අගමැති වූ පසු ඉන්ධන සම්බන්ධව කරුණු දෙකක් සිදුවිය. ඒ, දෙවරකට ඉන්ධන මිල ඉහළ යාමය. ඒ සමග බත් පැකට්ටුවක මිල 10%කින් ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවැසීය. එහෙත් ඇතැම් තැන්හි බත් පැකට්ටුව 25%කට ආසන්න මිලකින් ඉහළ ගොස් ඇත. ගෑස් අර්බුදය ඉන්ධන අර්බුදයට නොදෙවැනිය. ලංකාවට ගෑස් නෞකාවක් එන දිනයක්වත් කියාගන්නට ලිට්‍රෝ සමාගමට හැකියාවක් නැති තැනට අර්බුදය දුරදිග ගොස් ඇත. අර්බුදය එසේම තිබියදී සියාම් ගෑස් සමගමේ මිලට වඩා වැඩි මිලක් ගෙවමින් ඕමාන් ටේ්‍රඩිං සමාගමෙන් ගෑස් මිලට ගන්නට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇත. ඕමාන් ටේ්‍රඩිං සමාගම වෙනුවෙන් ලංකාවේ සිටින තැරැව්කරුගේ දේශපාලන බලය හමුවේ අඩුම මිල ටෙන්ඩරය ඉදිරිපත් කළ සියාම් ගෑස් සමාගම ඉවතට වීසිවී ඇත. අගමැති මාරු වුණාට ගෑස් මිලට ගැනීමේ මාෆියාව නොවෙනස්ව පවතින බවට මේ දූෂිත ගනුදෙනුව හොඳ සාක්ෂියකි.

පසුගිය 29 වැනිදා සිට තැපැල් කාර්යාල සතියකට දින තුනක් පමණක් විවෘත කිරීමට තීරණය කර අත. ඊට අමතරව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සතියකට දින දෙකක් පමණක් විවෘත කිරීමටද තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම ආයතන දෙකම රාජ්‍ය ආදායම් උපදවන ආයතන වන බැවින් මෙවැනි ක්‍රියා නිසා රාජ්‍ය ආදායම් අහිමි වීම තවත් ඉහළ යනු ඇත. සතියට සීමිත දින ගණනක් විවෘත කළද එකී දින ගණනට පවා සේවකයන් ගෙන්වා ගැනීම ගැටලුවක් වී ඇති බවත්, ප්‍රවාහන සේවා මුළුමනින්ම බිඳවැටීම ඊට හේතුව බවත් වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි. පසුගිය 30 වැනිදා වන විට පෞද්ගලික බස්‍ රථවලින් 85%ක් ධාවනයෙන් ඉවත්වී තිබූ අතර ඉන්ධන හිඟය මෙන්ම ටයර් ඇතුළු අමතර කොටස් හිඟය සහ ඒවායේ මිල දරාගත නොහැකි මට්ටමකට පැමිණීම ඊට හේතුව වී ඇත. මෙම නිසා මගී ජනතාවට පත්ව ඇති දුෂ්කරතාව අමුතුවෙන් කිවයුතු නොවේ. එමෙන්ම බස් කර්මාන්තයෙන් යැපුණු විශාල පිරිසක් සහ කාර්මිකයන්, අමතර කොටස් අලෙවි කරන්නන් ඇතුළු විශාල පිරිසක්ද සිය ජීවන වෘත්තීන් අහිමිව යාමේ අනතුරට මුහුණ දෙමින් සිටිති. මේ සියලු කරුණු ගැන ප්‍රකාශ නිකුත් කරනවාට වඩා යමක් කරන්නට ආණ්ඩුවට හැකිවී නැත.

ප්‍රශස්ත මටමේ තිබූ ලංකාවේ සෞඛ්‍ය සේවය අද වන විට තිබෙනුයේ ඇෆ්ගනිස්තානයට යාන්තම් උඩිනි. ඖෂධ හිඟය නිසා එක් පසෙකින්ද, ඉන්ධන හිඟය නිසා තවත් පසෙකින්ද එය බැට කමින් තිබේ. සර්ප විෂ සහ ජලභීතිකා එන්නත් ලංකාවේ නැති නිසා මේ වන විට මරණ කිහිපයක් සිදුවී ඇත. තවත් රෝගීන් ගණනාවක් ඉන්ධන හිඟය නිසා රෝහල් වෙතට යෑමට පමා වීමෙන් මියගොස් ඇත. අද වන විට ගැබිනි මවුවරුන්ට නිවෙස්වලම දරු ප්‍රසූතිය සඳහා සූදානම් කරන තැනට කටයුතු කෙරෙමින් පවතී. මෑතකදී අවදානම්සහගත තත්ත්වයේ පසුවූ මවුවරුන් කිහිප දෙනෙක් නිවෙස්වල ප්‍රසූතීන් සිදුකර ඇත. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ දක්ෂකමින් ඔවුන්ගේ ජීවිත බේරුණද උදාවෙමින් පවතින අර්බුදය ඉතා දරුණු බව නොකියා බැරිය. රනිලාගමනය නිසා ලංකාව 1950 දශකයට ආපසු යමින් තිබෙන බවට මේ කරුණු කාරණා හොඳම උදාහරණයන්ය.

මේ විපත්තිදායක තත්ත්වය හේතුවෙන් රටේ අධ්‍යාපනය මුළුමනින්ම බිඳවැටී අවසානය. නාගරික පාසල් සතියට දින දෙකක් හෝ තුනක් වසාදැමීමට ආණ්ඩුව ක්‍රියා කර ඇති අතර ඉන්ධන හිඟය නිසා ගුරුවරු සහ සිසුන්ගේ පාසල් පැමිණීම 60%කට වඩා අඩුවී ඇති බැවින් නාගරික පාසල් අධ්‍යාපනය අනියම් ආකාරයකින් මුළුමනින්ම බිඳවැටී අවසානය. විශේෂයෙන්ම දුෂ්කර පාසල්වල අධ්‍යාපන කටයුතු මේ වන විටත් මුළු‍මනින්ම පාහේ නතරවී ඇත. ඊට හේතුව වනුයේ ප්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර් හත අට ඈතින් පිහිටි පාසල් කරා යෑමට ගුරුවරුන්ට කිසිම ක්‍රමයකින් ඉන්ධන සපයාගත නොහැකි වීමය. තම සොච්චම් වැටුපෙන් බෝතලය රුපියල් හත් අටසීයට කළුකඩයෙන් පෙට්‍රල් ලබාගෙන ඇතැම් ගුරුවරුන් පාසල් පැමිණියද පාසල් වෑන් සහ සෙසු ප්‍රවාහන ක්‍රම බිඳවැටීම නිසා ළමුන්ගේ පාසල් පැමිණීම අවම මට්ටමක පවතින බව වාර්තා වේ. අන් කරුණු මෙන් නොව අධ්‍යාපනය බිඳවැටීමේ ප්‍රතිඵල සමාජයට දැනෙනුයේ කලක් ගතවීමෙන් පසුවය. දශක තුනක සිවිල් යුද්ධය හමුවේ මාඉම් ගම්මානවල පිහිටි දුෂ්කර පාසල්වල පවා මේ ආකාරයට අධ්‍යාපනය බිඳවැටුණේ නැත. වෙනකක් තබා කොරෝනා අර්බුදය පැවැති සමයේ රජයෙන් යමක් නොකළ මුත් ගුරුවරු අතින් වියදම් කර ඉගැන්වූ නිසා දරුවවෝ කෙසේ හෝ විභාග කඩඉම් තරණය කළහ. එහෙත් මෙවැනි අර්බුදකාරී අවස්ථාවක අධ්‍යාපනය වෙනුවෙන් කළයුතු මැදිහත්වීම් කිසිවක් රනිල් – ගෝඨා ආණ්ඩුව කර නැත. එහෙයින් ඉතා ප්‍රශස්ත මට්ටමේ පැවැති අධ්‍යාපනය අද පවතින ආර්ථික අර්බුදය සහ අසමත් පාලනය විසින් බිමටම හාන්සි කර හමාරය.

අගමැති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු රනිල් වික්‍රමසිංහ පැවැසූවේ ලාංකිකයන් තුන් වේල කන ජාතියක් බවට පත්කළ යුතු බවය. එවක බොහෝ දෙනකු වේල් දෙකක් කන තැනට පත්ව තිබූ නිසා එය ආකර්ෂණීය ප්‍රකාශයකි. ප්‍රශ්නය වන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති වී දින 52කට පසු ශ්‍රී ලාංකිකයන් ඉන්නේ දෙවේලක්වත් කෑමට නොහැකි තැනක වීමය.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලෝක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනයට මහජන බැංකුවෙන් වෙළෙඳ ප්‍රදර්ශනයක්…

Next Post

ඇඹිලිපිටිය ෂෙඩ් එකේ ලොකු කචල් එකක්! තෙල් ඉල්ලා ආරක්ෂාවට සිටි හමුදා සෙබළාටත් පිහියෙන් ඇනලා! ගිනි අවියත් උදුරාගෙන!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.