මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ඇප බැඳුම්කර අත්සන් කළ තිදෙනාට වහාම අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේවින්ද පෙරේරා අද (04) සිතාසි නිකුත් කළා.
ඒ පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම් සහ ඒ සඳහා ආධාර අනුබල ලබාදීම යන චෝදනා යටතේ කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් රහසිගත ලෙස විදෙස්ගත වී ඇති බවයි.
අද (04) දිනයේදී එම ඇපකරුවන් තුන්දෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම යන කරුණු සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔවුන් තුන්දෙනාට වහාම අධිකරණයේ පෙනී සිටින ලෙසයි.










