ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට අද (24) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම අනිවාර්ය කර තිබේ.
ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය විශේෂ මෝසමක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබීම මුල් කරගෙන මෙම කැඳවීම කර ඇති බවකි.
ඒ හේතු කොටගෙන විපක්ෂය විසින් පාර්ලිමේන්තුව තුළ කලබල කරනු ඇති බවට වූ සැකය මත මෙසේ සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් කැදවීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.