ආණ්ඩුව ධනකුවේරයන්ට, ගජමිතුරන්ට බදු සහන දී මෙවර අයවැයෙන් ඒ බර ජනතාව පිට පටවා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය.
එමෙන්ම විශ්‍රාම යන වයස 60 කළේ සේවක අර්ථසාධක පාරිතෝෂික නොගෙව සිටීමට බවත්, භාණ්ඩ 2574කට සෙස් බද්දක් අලුතින් පනවා ඇති බවත් ඒ මහතා කීය.










