• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

මහින්ද විවෘත කළ මැනිං මාකට් එකේ හරි පිටපත චම්පික එළියට දමයි

November 25, 2020
in Uncategorized
Reading Time: 5 mins read
A A
මහින්ද විවෘත කළ මැනිං මාකට් එකේ හරි පිටපත චම්පික එළියට දමයි
Share on WhatsAppShare on Facebook

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක විවෘත කළ පෑලියගොඩ මැනිං වෙළෙදපොළ සංකීර්ණය පිළිබදව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබේ.

එම සටහන මෙසේය.

‘පසුගියදා (20) පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය. ඒ පිළිබඳව එතුමාගේ මුහුණු පොතේ පළවූ වර්තාවේ සදහන් දෑ මෙසේය,

1. නව මැනිං වෙළෙඳපොළක් ඉදිකිරීම පිළිබඳ සංකල්පය එතුමාගේ පාලන කාලයේ (2010-2015) නාගරික සංවර්ධනය භාරව කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යංශ ලේකම්තුමාගේ වන අතර එහි වැඩ 2013 දී අරඹන ලදි.

2. යහපාලන ආණ්ඩුව එහි වැඩ පමා කල අතර රුපියල් මිලියන 6900ක් වැයකර නව ආණ්ඩුව එය නිමකර විවෘත කරන ලදි. නව ආණ්ඩුව යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් විවෘත කිරීමට ලැබීම සතුටකි.

3. යහපාලනය තිබුනා නම් මෙහි කඩකාමර 1193 දේශපාලන හිතවතුන්ට බෙදාදීමට ඉඩ තිබුණි.

4. කොළඹ නගරයේ අඩු අදායම් ලබන ජනතාව වෙනුවෙන් තම ආණ්ඩුව (2010-2015) ඉදිකරන ලද නිවාසද යහපාලන ආණ්ඩුව විසින් ඔවුන් ඉදිකලා සේ විවෘත කරන ලදි.

5. නව ආණ්ඩුවේ “සෞභාග්‍යයේ මඟ” මෙවැනි ව්‍යාපෘති සමඟ ඉදිරියට යයි.

මේ දිනවල ආණ්ඩුවේ නාලිකා හා මාධ්‍ය වල රඟ දක්වන මේ කූඨ නාටකයේ ඇත්ත කතාව කුමක්ද?

1. පිටකොටුව මාළු වෙළෙඳපොළ, මැනිං වෙළෙඳපොළ ආදී ස්ථාන කොළඹ නගරයෙන් පිටතට ගෙනයෑම යෝජනා කලේ 1997 දී විද්වත් පිරිසක් විසින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනියව සිටි සමයේදීය.

2. 2008 දී ඒ සඳහා පෑලියගොඩ ප්‍රදේශය තෝරාගෙන තිබුණි. මධ්‍යම මාලු වෙළඳපොළ පෑලියගොඩට ගෙනයාම ඉන්පසුව ආරම්භ වූ අතර ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහාද මධ්‍යම වෙළඳපොළක් ඉදිකිරීමද උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදි. පළමු ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් වූ අතර දෙවැන්න සහමුලින්ම අසාර්ථක වී මිලියන සියගණනක් විනාශ විය. පළමු ව්‍යාපෘතිය සාර්ථක වීමේ වගකීම මහින්ද රාජපක්ෂ මහතා භාරගන්නේ නම් දෙවැනි ව්‍යාපෘතිය අසාර්ථකවීමේ වගකීමද ඔහු විසින් භාරගත යුතුය.

3. නව මැනිං වෙළඳපොළ ඉදිකරන ලද භූමියේ කොටසක් ගොඩකිරීම ඉඩම් සංවර්ධන සංස්ථාව විසින් 2013 වසරේදී ආරම්භ කල අතර අවට පහත්බිම් ප්‍රදේශවල ගංවතුර පාලනයට හෝ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කිසිදු සැලැස්මක් නොවීය.

4. නව මැනිං වෙළඳපොළ ඉදිකිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිවූයේ 2016 දීය. එහි අක්කර 25ක භූමියක් විධිමත්ව ගොඩකිරීම ඉන්පසුව ඇරඹිනි. එහි භූගත ඉදිකිරීම් 2017 දී ආරම්භ විය. එහි සමස්ථ නිර්මාණය 2016 -2017 අතර කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකල අතර මධ්‍යම ඉංජිනේරු කාර්‍යංශය උපදේශණ සේවා ලබාදෙනු ලැබීය. (යහපාලන රජය සමයේ ලාභ ලබමින් තිබූ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්‍යංශය (CECB) යන ආයතන දෙකම සෞභ්‍යාග්‍යයේ දැක්ම යටතේ පාඩු ලබමින් තිබේ.)මෙම ව්‍යාපෘතිය සදහා තරඟකාරි පදනමින් ලංසු කැඳවූ අතර දේශීය සමාගමකට ඉදිකිරීම් කටයුතු පවරාදෙන ලදි. මෙම ව්‍යාපෘතිය සඳහා වැයවූ සියලු මුදල් ලබාදුන්නේ යහපාලන රජය විසිනි. මෙය 2019 වසර අගදී විවෘත කිරීමට නියමිතව තිබුණද 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිදුකල දින 52 දේශපාලන කුමන්ත්‍රණය නිසා මෙහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ විය. 2019 වනවිට එහි ඉදිකිරීම් 90%ක් අවසන්ව තිබුණි.

5. 2019 දී දැනට මැනිං වෙළඳපොළේ වෙළඳාමේ සිටින සියලු දෙනා නිසිපරිදි ලියාපදිංචි කර ඔවුන්ගේ හමුවක් පවත්වා ඔවුන්ට පමණක් කඩ ලබාදීම සහතික කර තිබුණි. පිටකොටුවේ තිබූ මැරබලය අවසන් වූයේද ඒ සමයේදීමය.

6. 2019 අගෝස්තු මාසය වන විට පෑලියගොඩ මධ්‍යය මාලු වෙළෙදපොළ භූමිය, මැනිං වෙළෙදපොළ භූමිය හා ඒ අවට ප්‍රදේශය ගංවතුර අවධානම් තත්වයෙන් මුදාගැනීම වෙනුවෙන් යාබද ජලාශය විධිමත්ව ප්‍රතිසංස්කරණය කර ජල පොම්ප යෙදීමත් ඊට ආසන්නයේ ජල දොරටු ඉදිකර ගංවතුර සම්පූර්ණයෙන්ම පාලනයට පියවර ගත්තේය.

7. කොළඹ නගරයේ අඩුආදයම්ලාභීන් හට නිවාස ඒකක 50,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් 2012 -2013 කාලයේදී ආරම්භ විය. එය අගය කල යුතු ව්‍යාපෘතියකි. එහෙත් 2015 වනවිට එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවුල් වී තිබුණි. එයට හේතු වනුයේ- රුපියල් බිලියන 200ක පමණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුනේ රුපියල් බිලියන 10ක පමණ ණයවරයක් නිකුත් කිරීමෙනි. එය 2016 වනවිට කල්පිරී බිලියන 16 ක් වී තිබුණි. ඉදිකිරීම් සිදුවෙමින් පැවති ව්‍යාපෘති වල ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 39ක් විය. – ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව කොන්ත්‍රාත් පිරිනැමීම විසින් ඉදිකිරීම් අඩපණ වී ඇතැම් සමාගම් වැඩබිම් අතහැරගොස් අතර එවා බාල ඉදිකිරීම් විය. අප විසින් 2016 දී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසුව නැවත එම ව්‍යාපෘති පණගැන්වූ අතර නාගරික සංවර්ධන අධිකාරිය ඒ මහා ණය කන්ද විසින් බංකොලොත් වීමෙන් ගලවාගන්නා ලදි. තවද ප්‍රථම වරට ආණ්ඩුව මේ සඳහා අරමුදල් සැපයූවේද යහපාලන රජය සමයේදීය. එමෙන්ම ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව විසින් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක (රුපියල් මිලියන 36,000) මුදල ආයෝජනය කර ඉදිකෙරෙන නව නිවාස 5,000ක් සඳහා ප්‍රසම්පාදන කටයුතු හා ඉඩම් හදුනාගැනීම හා සැලසුම් කිරීමද 2018-2019 කාලයේ අප අමාත්‍යංශය සිදුකරන ලදි. දැන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් උත්සවශ්‍රීයෙන් මුල්ගල් තබනුයේ අපි සැළසුම්කල හා අප විසින් අරමුදල් සම්පාදනය කල ව්‍යාපෘති වලටය. (උදා – ඔබේසේකරපුර සහ ඇපල්වත්ත )

8. මේ වසර තුල (2020) එකඳු මහපරිමාණ ව්‍යාපෘතියක් හෝ අරඹා නැති අතර මහාපරිමාණ ව්‍යාපෘති ගණනාවක් හා සුලු පරිමාණ ව්‍යාපෘති ගණනාවක් නතර කර ඇත. ලංකාවේ අඩුම ප්‍රාග්ධන වියදමක් සහිත වර්ශයක් වන්නේ 2020 යි. (ද.ජා.නි 2.5%) 2019 දී එය 6.1% විය. සරළව කිවහොත් 2019 දී බිලියන 926 ක් හා 2020 දී බිලියන 419 කි. වසර 50ක් තරම් වූ දීර්ඝ දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියන ඔබතුමාගේ කීර්තිනාමය මෙවැනි ප්‍රකාශවලින් තවදුරටත් පලුදු වන බව ප්‍රකාශ කරමි. කෙසේ වෙතත් සත්‍ය කූඨ නාටකවලින් සදාකාලිකවම වැළලිය නොහැකි බව දැන් ජනතාව අවබෝධ කරගනිමින් සිටියි. ඔබතුමාට දීර්ඝායු වේවා..!

SendShareShare
Previous Post

රාජ්‍ය සේවිකාවකට ගැසූ RDA ඉංජිනේරුවා අත්අඩංගුවට: වැඩත් තහනම්

Next Post

ආණ්ඩුව වහන අයවැයේ ඇතුල් පැත්ත චම්පික පෙන්වයි (VIDEO)

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.