වැඩිහිටි ජනතාවගේ තැන්පතු මත ලබා දී තිබූ 15%ක පොලී ප්‍රතිශතය 8% දක්වා පහත හෙළිමට ආණ්ඩුව පියවර ගත්තද සමගි ජන බලවේගය ඊට විරෝධය පළ කිරීමත් සමග පැය 24ක් ඇතුළත එම තීන්දුව හකුළා ගැනීමට ආණ්ඩුවට සිදුවූ බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
යටියන්තොට ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම මෙතෙක් ජනතාවට ලබා දී තිබූ සහන රැසක්ම ඉවත් කිරීමට ආණ්ඩුව දැනටමත් කටයුතු කොට ඇති බවද ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.










