මහමැතිවරණය ඉලක්ක කරගෙන පැවැත්වීමට නියමිත රැස්වීම්වලට පක්ෂ නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා හට ආරාධනා නොකිරීමට සියලුම එජාප දිස්ත්‍රික් නායකයන් තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාද මේ බව නුවරඑළියේ පැවැති රැස්වීමකදී ප්‍රසිද්ධියේම කියා සිටියේය.
පක්ෂ නායකයා වශයෙන් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික්කවලට පැමිණියහොත් තමන්ට ලැබීමට ඇති ජන්දය පවා නොලැබී යනු ඇති බවට වූ මතයක් මේ වනවිට දිස්ත්‍රික් නායකයන් තුළ මතුවී තිබීම ඊට හේතුව බව වාර්තා වේ.
ඒ අනුව සෑම දිස්ත්‍රික් නායකයකුම පාහේ වික්‍රමසිංහ මහතාට තම දිස්ත්‍රික්කයට පැමිණෙන ලෙසට ආරාධනා කොට නොමැති බව දැනගන්නට ඇත.
ඇතැම් අපේක්ෂකයන් සිය පෝස්ටර්වලට පවා වික්‍රමසිංහ මහතාගේ මුහුණ ඇතුළත් කොට නොතිබීම විශේෂ සිදුවීමකි.
ඒ අනුව ඉදිරියේදී ‘සූම්’ තාක්ෂණය භාවිත කරමින් සිරිකොත මූලස්ථානයේ සිට ප්‍රචාරක කටයුතු සිදු කිරීමට වික්‍රමසිංහ මහතාද තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත.








