• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජධානි 4ටම කරන දේ මහින්ද කුරුණෑගලදී පළමු වරට හෙළිකරයි

July 8, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
රාජධානි 4ටම කරන දේ මහින්ද  කුරුණෑගලදී පළමු වරට හෙළිකරයි
Share on WhatsAppShare on Facebook

සමස්ත සංචාරක කර්මාන්තය ගොඩනැංවීමේ පියවරක් ලෙස ඉපැරණි රාජධානි හතරකින් සමන්විත කුරුණෑගල දිස්ත්‍රික්කය සංචාරක පුරවරයක් බවට පත්කිරීමට කටයුතු කරන  බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (07) කුරුණෑගලදී පැවති  පළාත් පාලන නියෝජිත හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“කුරුණෑගල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. චමල් රාජපක්ෂ ඇමතිවරයා දැදුරු ඔය හදන්න සංවිධානය කරලා අන්තිමේදි ව්‍යාපෘතියේ ප්‍රගතිය බලන්න ආව දවසේ සෙනඟ ගෙනල්ලා ගල් මුල්වලින් ගහන්න ගත්තා  එතුමාගේ වාහනයට. නමුත් එතුමා ඒ ව්‍යාපෘතිය හදලා කුරුණෑගල ජනතාවට වතුර ටික අරගෙන දුන්නා. අපි හැමවිටකම මතක තියාගත යුතුයි රට සංවර්ධනය කරනවට අකමැති පිරිසකුත් ඉන්නවා කියලා.

යුද්ධය අවසන් කරලා අපි උතුර බාරගන්න විට උතුරට විදුලිය,ජලය ඇතුළු පහසුකම් ගොඩක් තිබුණේ නැහැ. නමුත් අපි උතුරු වසන්තය හරහා උතුරු -නැගෙනහිර සම්පූර්ණයෙන්ම සංවර්ධනය කළා. රටේ හැම පැත්තක්ම අපි එක හා සමානව සංවර්ධනය කළා. යුද්ධය අවසන් කළාට පසුව අපි උතුරු -නැගෙනහිර පළාත් පාලන, පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. ඒ ජනතාවට ඡන්ද අයිතිය ලබාදුන්නා. ඒ අය හරියට ඒක පාවිච්චි නොකළ එක වෙනම දෙයක්. එදා මම මැතිවරණය පැවැත්වූවේ ඒ අවස්ථාවේ මැතිවරණය පවත්වන්න එපා කියලා මට ගොඩක් අය බලපෑම් කරපු වෙලාවේ. අපි ඒ පළාත්වල දරුවන්ට පාසල් ලබාදුන්නා , ජලය ලබාදුන්නා, විදුලිය ලබාදුන්නා. ඒ අපි රටක්  එක හා සමානව සංවර්ධනය කරන්න ඕන කියලා හිතපු නිසයි.

අපි පසුගිය දිනෙක කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් හමු වුණා. ඔවුන් සමඟ මේ දිස්ත්‍රික්කය තුළ තිබෙන ගැටලු සාකච්ඡා කළා. සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පමණක් නොවෙයි මේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න අවශ්‍ය යෝජනා එහිදී ඔවුන් විසින් ඉදිරිපත් කළා. මේ දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය ජලය ලබාදෙන්න වාරිමාර්ග යෝජනා ක්‍රම ඉදිරිපත් කළා. වැඩක් කරන වෙලාවට ඒ වැඩේ කරන්න අවශ්‍ය ශක්තිය අපිට තිබෙනවා.

කුරුණෑගල කියන්නේ රාජධානි 04ක් තිබෙන සංචාරක පුරයක් බවට පත් කළ හැකි දිස්ත්‍රික්කයක්. අපි තවම මේ රාජධානි හඳුන්වලා දීලා නැහැ සංචාරක ක්ෂේත්‍රයට. ඒ වගේම තමයි සංචාරකයින්ට නවතින්න අපි හොඳ නිකේතන කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ නිර්මාණය කළ යුතුයි.

අපි නියෝජනය කරන දිස්ත්‍රික්කය පමණක් නොවෙයි අපි මුළු රටටම වැඩ කළ යුතුයි. පසුගිය ආණ්ඩු කාලයේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි විරසක වෙලා දෙන්නා දෙපැත්තට කඹ ඇදීම නිසා මේ රටේ ජනතාව අවුරුදු හතරහමාරක් දුක්වින්දා. අපි මේ රටේ හදපු දේපල පසුගිය ආණ්ඩුව පිටරටට විකුණන්න ගත්තා. මෙවැනි ගැටුම් නවත්වන්න පුළුවන් එකම පක්ෂයෙන් ජනාධිපති , අගමැති සහ ආණ්ඩු පක්ෂය පත්කළොත් පමණයි. මෙවර ශක්තිමත් ආණ්ඩුවක් සමඟ අපි පාර්ලිමේන්තුවේ 2/3 බලය පිහිටුවනවා.

රටේ පැරණිම දේශපාලන පක්ෂය අද කෑලිවලට කැඩිලා යනවා. එක්සත් ජාතික පක්ෂයයි සමඟි ජන බලවේගයයි ඡන්දවලට ගහගැනීම නිසා එජාප පාක්ෂිකයන් අද අපේ පැත්තට එනවා. අද එජාප පාක්ෂිකයින් නායකත්වයක් නැතුව අනාථ වෙලා ඉන්නේ. අපේ පක්ෂයේ අයට යුතුකමක් තිබෙනවා එජාප පාක්ෂිකයින් එකතු කරගන්න.”

මෙම ජන හමුවේදි එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියොජිතයින් පිරිසක්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක් වූහ.

SendShareShare
Previous Post

අඩෝ කියා හාල් මාෆියාව නැති කරපු හැටි (VIDEO)

Next Post

ආණ්ඩුව ගත් තීන්දුව පැය 24න් සජිත් ආපසු හරවයි (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.