මේ වනවිට ලෝක වෙළෙදපොළේ තෙල් මිල විශාල වශයෙන් පහත බැස ඇති මොහොතක එම වාසිය ජනතාවට ලබා නොදීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ තමන් මුදල් අමාත්‍ය ධූරය බාරගත් මොහොතේ ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල මීට වඩා ඉහළ අගයක තිබුණද පාර්ලිමේන්තු බහුතරය හෝ නොමැතිව තමන් තෙල් මිල පහත දමා ජනතාවට සහන ලබා දුන් බවකි.
ඒ අනුව ආණ්ඩුව බොරු හේතු පෙන්වමින් නොසිට තෙල් මිල පහත දමා ජනතාවට සහන ලබා දිය යුතු බව කරුණානායක මහතා පෙන්වා දී ඇත.










