නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී නුවරඑළිය සභාපතිවරයාට ‘ඕයි වාඩිවෙනවා’ යනුවෙන් රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කළ ප්‍රකාශයත් සමග එහි සිටි අනෙකුත් සභාපතිවරුන් ඊට විරෝධය පා රැස්වීම වර්ජනය කොට පිටව යාමට කටයුතු කොට ඇත.
ඊයේ (13) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙම රැස්වීම පැවැත්වී තිබිණ.
මෙම තත්ත්වය මත දැඩි උණුසුම්කාරී වාතාවරණයක් එහි මතුව ඇති අතර පසුව රැස්වීම අතරමග නතර කිරීමට කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා පියවර ගෙන ඇත.
මෙම සිදුවීම රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ දිසා අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය අතර සිදුවූ උණුසුම් සංවාදයෙන් අනතුරුව පැය 24ක් ඉක්ම යාමට මත්තෙන් සිදුව තිබීමද විශේෂ සිදුවීමකි.










