ආණ්ඩුවේ ඉහළම ලේකම් තනතුරක් දරන්නෙකු එම තනතුරින් ඉවත් කිරීමට තීන්දු කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම ලේකම්වරයාට එරෙහිව පසුගිය කාලසීමාවේ දිගින් දිගටම ලැබුණු පැමිණිලි මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
පසුගිය සතියේ ආණ්ඩුවේ ප්‍රධානීන් අතර පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව නව ලේකම් තනතුර සදහා තවත් ඉහළ තනතුරක් දරන්නෙකු යෝජනා වී ඇති අතර එම තීන්දුව දැනටමත් එම පුද්ගලයාට දැනුම් දීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
වසරක කාලයක් සදහා එම තනතුර බාර දීමටද එම සාකච්ජාවේදී තීන්දු වී ඇති බව වාර්තා වේ.










