කොරෝනා උවදුරත් සමග ආණ්ඩුව ලීසිං සහන ලබා දෙන බව කීවද එය ක්‍රියාත්මක නොවුණු නිසා ත්‍රිරෝද රථ බලහත්කාරයෙන් පැහැරගත් බවත්, මේ හේතුව මත අද ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට ජීවිතය පවා අහිමි වී ඇති බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
ඊට ප්‍රධානම හේතුව ආණ්ඩුව දෙනවා යැයි කී ලීසිං සහනය නිසි අයුරින් රටේ ක්‍රියාත්මක නොවීම නිසා බවද ඒ මහතා පෙන්වා දෙයි.
පසුගිය දින කිහිපය තුළ පහරදීම්, විවිධ ඝාතන ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, රටේ ජනතාවට ආරක්ෂාවක්, රැකවරණයක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










