• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දින්නේ සජිත් නෙමෙයි අපි…-පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

June 11, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දින්නේ සජිත් නෙමෙයි අපි…-පොහොට්ටුවෙන් ප්‍රකාශයක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් සමගි ජන බලවේගය ජයගත් බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළද එම තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණයක් බව අද (11) දහවල් එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා

ඊයේ දිනයේ එනම් 10 වන දින එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් අගේස්තු මස 05 වෙනිදා දිනට නියම කර තිබෙනවා. මෙය ජනතා ජයග්‍රහණයක් බව කිව හැකියි.
රජය තම අදාළ යුතුකම් ඉෂ්ට කරන වේලාවේ අද විපක්ෂය දෙකඩ වෙලා අද මැතිවරණ එපා කියන තත්වයට පත් වෙලා. අද වන විට සාමාන්‍යයෙන් ඡන්දය වෙනුවෙන් කතා කරන්න තිබියදී දැන් ඡන්දය කල් දාන්නයි කටයුතු කරන්නේ. රටේ ජනතාවට එය තේරුම් ගිහින් තියෙන්නේ.
ඊයේ සජිත් ප්‍රේමදාස මහතා කියනවා මෙය ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලැබු ජයග්‍රහණයක් කියලා. ජනාධිපතිතුමාට එතුමාගේ බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. විසුරුවා හැරීමත් සමඟ මැතිවරණයට දින නියම කළත්, ඉන්පසුව පළමු කොරෝනා ආසාදිතයා හමුවීම නිසා හා සමස්ත ලෝකයම එකතැන නැවති තිබුණ නිසා ඒ කටයුතු වලට බාධා ඇතිවුනා. වත්මන් ජනාධිපතිතුමාගේ දුරදක්නා නුවණින් හා ඉතා සංවේදී ආකාරයෙන් කොරෝනාව පාලනය කරන්නට කටයුතු කරන්න හැකිවුනා.
මෙය ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජයග්‍රහණයක්. අපි කියන්න කැමතියි දින 11 ක් පුරාවට ශ්‍රේෂ්ඨාධිකරණයට කතා කරලා තමයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. මේ රටේ මුඵ මහත් ජනතාව හා අපගේ පක්ෂය ලැබු ජයග්‍රහණයක් වෙනවා. විශිෂ්ඨ ජයක් ලබනවා එහි 2/3 ක එසේත් නැතිනම් 225 න් 150කට වඩා ජයග්‍රහණයක් ලබන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරනවා. දැන් සමගි ජන බලවේගයේ මංගල සමරවීර මහතා කියනවා දේශපාලනයෙන් අයින් වනවා කියලා. මේ රටේ නවමු මහා කුමන්ත්‍රණයක ආරම්භයක අවස්ථාවක් විය හැකියි. එතුමා ගරුතර මහා සංඝරත්නයට, අපේ රණවිරුවන්ට හා රටේ දේශපාලනඥයින් ට පවා අවලාද කළා. මේ රට අභාග්‍ය සම්පන්න තත්වයට පත් කරන්න කටයුතු කළා. දැන් මේ රටේ දේශපාලනයෙන් ඉවත්වෙලා ජත්‍යාන්තරයේ තනතුරකට ලං වෙලා රට විනාශ කරන හදන ගත් එක් පියවරක් විය හැකියි. ස්වාධීන කොමිෂන් සභා 5ක් තිබෙනවා. පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අල්ලස් කොමිසම වැනි කොමිසම් හැදින්විය හැකියි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක අනුරාධ ජයරත්න මහතා

අපගේ දෙවන ජයග්‍රහණය තමයි මේ අගෝස්තු 05 වෙනිදා මැතිවරණය තියන්න දින නියම කර ගන්නයි. දින,සති,මාස ගණනාවක් තිස්සේ බලාගෙන හිටියේ 2/3 ක බලයක් තුළින් පාර්ලිමේන්තුවක් වත්මන් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල රට තුළ ගෙන යන්නටයි. මේ සඳහා ජනතාව බලාගෙන සිටිනවා. මේ වේලවේදී ස්වාධීන කොමිසන් සභා ක්‍රියා කල ආකාරය කොමිසන් සභා ටික කොතරම් දුරට ස්වාධින ද කියලා එම ප්‍රශ්නය මේ රටේ ජනතාවට ඇති වෙනවා. ලංකාවේ පොලිස් කොමිසමෙන් පත් වු පළමු පොලිස්පති සෑහෙන දවස් ගාණක් හිර ගෙදරට වී සිටිනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් කරන ප්‍රකාශ නිසා රටේ බරපතල විවේචන එල්ල වුනා. ජාතිවාදී අයුරින් ප්‍රශ්න මතු කරන්නයි අවශ්‍ය වී තිබෙන්නේ. අද සජිත් ප්‍රේමදාස මහතා දෙවන පරාජය ලබමින් පවතිනවා. පළමු පරාජය ජනාධිපතිවරණයේදී ලැබුවා. පසුගිය දිනයේ මංගල සමරවීර අමාත්‍යවරයා සමගි ජන බලවේගයෙන් ඉවත් වෙලා මැතිවරණයට ඉදිරිපත් නොවී ඉවත් වුනා. තව එක්කෙනා එක්කෙනා ඉවත් වෙලා යයි. හැබැයි මංගල සමරවීර මහත්තයෝ අපි එක දෙයක් මතක් කරනවා ඔබතුමා මැතිවරණය ඉදිරිපත් නොවෙන්නේ පුඵවන් නමුත් මුදල් ඇමති විදිහට කරපු වංචා සියල්ල අද වන විට හෙළිවී හමාරයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. මේ කියන කාරණා ටික වහගන්න බැහැ.
ඊයේ දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතා කියනවා ඩොලර් මිලියන 230ක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාවට ලැබුණා මෙයට මොකද වුනේ කියලා. නොදන්න දේ කියලා මහජනතාව නොමග යවන්න එපා කියලා අපි කියනවා. මහ බණ්ඩාගාරයේ මුදල් ටික කෝ ඇහුවා. මාධ්‍ය ඉදිරියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. ඔය කියන ඩොලර් මිලියන 280ක මුදල් ප්‍රමාණයක් ලැබිලා නැහැ. ඩොලර් මිලියන 172 ණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එකඟතා පළ කරලා තියෙනවා. දෙවන කොටස ඩොලර් මිලියන 45 ක් ලබාදී තිබෙනවා. මේ සියලු මුදල් සෞඛ්‍ය අංශය විසින් වැය කල මුදල් ප්‍රතිපූර්ණය සඳහා පමණයි.
වත්මන් රජයේ මේ කියන වංචා කරන පුද්ගලයින්ට කිසිදු ආකාරයෙන් තැනක් ලැබෙන්නේ නැහැ.
මේ ආසියාවේ ආරක්ෂිත රටක් බවට වත්මන් ජනාධිපතිතුමා කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් එක තැකීමක් කලේ පෙරටුගාමී මේ කණ්ඩායම හිතුවාද?. සජිත් ප්‍රේමදාස මහතාට ඕනේ කරන්නේ කොරෝනාවෙන් කෙසේ හෝ දේශපාලන ගමන් ශක්තිමත් කර ගන්න.
මේ රට ඉදිරියට ගෙන යන්න වගකීම භාරදුන් වත්මන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආණ්ඩුවේ මේ කියන වංචා කරන පුද්ලයින්ට කිසිදු තැනක් හිමි වන්නේ නැහැ.

අපේක්ෂක යසපාල කෝරළගේ මහතා

අද විපක්ෂය පිළි අරගෙන එම පරාජය අවම කරගැනීම සඳහා විපක්ෂයේ සියලු කණ්ඩායම් විශාල උත්සහයක් ගන්නවා. පරාජයේ මුල තමයි මංගල සමරවීරගේ ප්‍රකාශය. තමන්ට මනාපය දෙන්න එපා කියමින් ප්‍රකාශ කළා. සජිත් මහතාට අහිකුන්ටිකයාගේ නයාට වුනදේ වුනේ.
අද යුන්පී එක ගැන දන්නේ දුරකතනය නොවෙයි අලියා ලකුණයි. ඒ ගැන රනිල් වික්‍රමසිංහ මහතා දන්නවා. මේ පක්ෂ 2ක ඇතුළේ දැවැන්ත අරගලයක් එජාපය තුළ ඇති වෙලා.
මේ තත්වය මත රටේ බේරා ගැනීමේ වැඩසටහන සඳහා කොරෝනා වෙන් බේරීම සඳහා මාධ්‍ය හරහා අති දැවැන්ත වැඩ කොටසක් කළා. එයින් දෙන පණිවිඩය 90%ක් ම මේ රටේ ජනතාව පිළිගත්තා.
උපාධිධාරී 40 000ක් පමණ දරුවෝ අද මැතිවරණයක් නිසා හිරවෙලා. පත්වීම ලබා ගන්න බැරිව, පුහුණුව ලබා ගන්න බැරිව හා වැටුප් ගෙවන්න බැරිව සිටිනවා. ඒ උපාධිය අවසන් කරලා විවිධ වෘත්තීන් වල නියැලුන පිරිසයි. අද ඒ දරුවෝ නන්නත්තාර වෙලා ඉන්නේ. මේ මැතිවරණය මේ ආකාරයෙන් හැකි ඉක්මනින් පවත්වලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අලුත් ශක්තිමත් ගමනක් යන්න මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ලීසිං සහන ප්‍රෝඩාවෙන් මහදවල් මිනීමරන රටක් බිහිවුණු බව සජිත් කියයි (VIDEO)

Next Post

ඝාතනය වන්නට මොහොතකට පෙර සුනිල් කළ ‘ලීසිං පාතාල’ හෙළිදරව්ව එළියට එයි (VIDEO)

MORE NEWS

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

Load More
ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

හෙට (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා...

Read more
2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.