මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව විසින් ගනු ලැබූ අන්තනෝමතික කුමන්ත්‍රණයට එරෙහිව විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් ඊයේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූහ.
මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වීමටත් එම පිරිස එහිදී තීන්දු කරනු ලැබීය.
මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, මහාචාර්ය ජී.එල්. පීරිස්, එම්. ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, පලනි දිගම්බරම්, චන්දිම වීරක්කොඩි සහ නාලක ගොඩහේවා යන මහත්වරු සහභාගී වී සිටියහ.