වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබානොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) තහවුරු කළේය.Sri Lanka Latest News
ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“අපේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබාදෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යන්න ආණ්ඩුවෙන් වාහනයක් දෙන්න සැලසුම් කරලා තිබෙනවා. මන්ත්‍රී ධුරය අවුරුදු 5 ඉවර වුණාට පස්සේ ඒ වාහනය ආපහු බාර දෙන්න ඕනේ.”
“අති සුඛෝපභෝගී නොවන වාහනයක් ලබාදීම සඳහා දැන් වාහන සංචිතයක් හදාගන්න වෙලාවක් නැහැ. හැබැයි රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කරන්න අපේ බලාපොරොත්තුවකුත් නැහැ. අපේ ප්‍රමුඛතාව මන්ත්‍රී වාහන නෙමෙයි.”
මාධ්‍යවේදියා – “ඔබතුමා පැහැදිලිව කියන්න…මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙනවා ද? නැද්ද ?”
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා –
“මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙන්නේ නැත.”










