රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කොට ඇත.
ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා, මණ්ඩල සහ දෙපාර්තමේන්තු මෙන්ම රාජ්‍ය බැංකු, රක්ෂණ ආයතනය වැනි සියලුම ආයතනවලින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සදහා ලබා දුන් සියලු දැන්වීම් අත්හිටවෙනු ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් මීට අදාළ චක්‍රලේඛය නිකුත්කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ මුදල් වත්මන් රජයේ ප්‍රතිපත්තිය යටතේ ආයතනයේ දියුණුව වෙනුවෙන් යෙදවීමට පියවර ගන්නා ලෙසද අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දීමක් කොට ඇත.










