• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ආණ්ඩුවට 79%ක් අකැමැතියි! ‘වෙරිටේ’ හංගලා ගහන ඇත්ත මෙන්න! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

July 8, 2023
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවට 79%ක් අකැමැතියි! ‘වෙරිටේ’ හංගලා ගහන ඇත්ත මෙන්න! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඇයි ඔබ මීඩියාවලින් ඔබේ ප්‍රතිරූපය හදාගන්නේ නැත්තේ…?’

මේ මාධ්‍යවේදියෙක් දිනක් රනිල්ගෙන් අහපු ප්‍රශ්නයකි.

‘මීඩියාවලින් පුම්බන නායකයෝ, ආණ්ඩු හරියට බැලුම් බෝල වගේ. මීඩියාවලින් කොච්චර පිම්බුවත් පොඩි සිදුවීමකින් ඉඳිකට්ටකින් ඇන්නා වගේ පිපිරෙනවා. ඩඩ්ලිට, ප්‍රේමදාසට, චන්ද්‍රිකාට වුණේ ඒකයි…’

මේ රනිල් කිව්ව කතාවය. රනිල් මේ කතාව කීවේ විපක්ෂ නායක ලෙස සිටියදීය. එහෙව් රනිල් අද ජීවත් වන්නේ මීඩියාවලින්ය. ආණ්ඩුව ගෙනියන්නේත් මීඩියාවලින්ය. හොඳම නිදසුන වෙරිටේ රිසර්ච්ය. වෙරිටේ රිසර්ච් අරගල කාලයේ ඉඳලා ආණ්ඩුව ගැන ජනතා මතය ගැන ජනමත විමසුම් කරමින් සිටී. රනිල් ජනාධිපති වුණේ 2022 ජූලි මාසයේය. රනිල් ජනාධිපති වුණාට පසුව 2022 ඔක්තෝබර් මාසයේදී වෙරිටේ රිසර්ච් කරපු ජනමත විමසුමේ ආණ්ඩුව ගැන ජනතා තෘප්තිය 10%කි. ඒ කියන්නේ 90%ක් ආණ්ඩුවට අකැමැතිය. දැන් රනිල් ජනාධිපති වී අවුරුද්දක් ළං වන විට වෙරිටේ රිසර්ච් කරපු ජනමත විමසුමේ ආණ්ඩුව ගැන ජනතා තෘප්තිය 20%කි. ඒ කියන්නේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කරලා තෙල් මිල අඩුකරලා ගෑස් මිල අඩු කරලා, කිරි පිටි මිල අඩු කරලා, පිටි මිල, පාන් මිල අඩු කරලා, ලයිට් කැපිල්ල නතර කරලා ආණ්ඩුවට තවම කැමැති 20%කි. 80%ක් ආණ්ඩුවට අකැමැතිය.

වෙරිටේ රිසර්ච් යනු මාර රිසර්ච් කොම්පැනියකි. ආණ්ඩුවට අකැමැති ගාන හංගයි. කැමැති ගාන 10% සිට 20%ට වැඩි වුණා කියා මාධ්‍යයට නිවේදන නිකුත් කරයි. හැබැයි 79%ක් තවම ආණ්ඩුවට අකැමැති බව නොකියයි.

ලංකාවේ ජනමත විමසුම් පවත්වන ආයතන ඇරුමපුදුම ආයතනය. ඔවුන් ජනමත විමසුම් පවත්වන්නේ බලයේ ඉන්න ආණ්ඩුව ෂේප් එකේ තියාගෙන විදේශ අරමුදල් තරකර ගන්නටය. 2021 ඔක්තෝබර් තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් පටන් ගන්න පාර කැපෙන කොටත් මේ ජනමත සමීක්ෂණ ආයතන කීවේ ලංකාවේ ආර්ථිකය හොඳට යනවා කියලා 40%ක් කියන බවය. 1994 මහ ඡන්දයට පෙර ලංකාවේ ඔක්කොම ජනමත සමීක්ෂණ ආයතන කීවේ යූ.ඇන්.පී.ය දිනන බවය. 2015 ජනාධිපතිවරණයට පෙර ලංකාවේ ඔක්කොම ජනමත සමීක්ෂණ ආයතන කීවේ මහින්ද පහසු ජයක් ලබන බවය.

වෙරිටේ රිසර්ච් ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත 20%කට නැගලා කියන්නේ ඇත්ත හංගා ගන්න බැරුවය. අවසානයේ වෙරිටේ රිසර්ච් ලංකාවේ හැම මාධ්‍යයකටම නිවේදනයක් නිකුත් කරමින් කීවේ ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත දෙගුණ වෙලා කියලාය. ලංකාවේ මාධ්‍යත් 79%ක් අකැමැතියි කියන කෑල්ල හංගලා 20%ක් කැමැතියි කියා රටටම අඬබෙර ගැසූහ.

ආණ්ඩුවට 79%ක් අකැමැතියි කියන කතාවෙන්ම පේන්නේ අද ලංකාවේ මාධ්‍ය ගැන ජනතාවට විශ්වාසයක් නැති බවය. හේතුව ලංකාවේ සියලු මාධ්‍ය එකතු වෙලා ආණ්ඩුවට කඩේ යන විදියට මේ වෙනකොට ලංකාවේ ජනතාව 100%ක් ආණ්ඩුවට කැමැති විය යුතුය. හේතුව මෙරට මාධ්‍යවලින් 98%ක්ම කියන්නේ ආණ්ඩුව හොඳයි කියාය. වෙරිටේ රිසර්ච් හංගලා ගැහුවාට 79%ක් මේ රටේ ජනතාව මෙරට මාධ්‍ය කියන්නේ බොරු බව පිළිගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂ අතිවිශිෂ්ටයි සර් කියලා කිව්වෙත් මේ මාධ්‍යයය. රනිල් වික්‍රමසිංහ කියන්නේ ද්‍රෝහියෙක් කියලා කිව්වෙත් මේ මාධ්‍යයය. මේ මාධ්‍යවලට රනිල් හොඳ වුණේ රනිල් 2020 මහ ඡන්දයෙන් මන්ත්‍රී අසුනවත් දිනාගන්න බැරි වුණාට පසුවය. දැන් මේ මාධ්‍යයට රනිල්ව හොඳටම හොඳ වී ඇත්තේ 1994 සිට වසර 30කට ආසන්න කාලයක් විපක්ෂයට ගහපු ගැහිල්ලට විපක්ෂය බලයට ආවොත් අපි කපෝතියි කියලා බය වෙලාය. රනිල් සහ රාජපක්ෂ දීගයට ඔවුන් කැමැති වුණේ රනිල්, රාජපක්ෂලාවත් තමන්වත් ආරක්ෂා කරන නිසාය.

මට ගහපු මාධ්‍ය මාව නැතිකරපු මාධ්‍ය ලවාම මම මාව ගොඩදමා ගන්නවා කියා හිතාගෙන රනිල්ද චූන් වෙයි. හැබැයි රනිල්ට දැන් අර කලින් කිව්ව බැලුම් බෝලයේ කතාව අමතකය. දැන් රනිල් මාධ්‍ය පුම්බන බැලුම් බෝලයක් නොව මාධ්‍ය පුම්බන පැරෂුට් එකකි.

මේ මාධ්‍ය 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාලට දුවන්න ගැසූහ. මෛත්‍රීපාල ජනාධිපති වූ විට හැමෝම හිතුවේ ඔහු මේ මාධ්‍ය සල්ලං කරයි කියාය. හැබැයි වුණේ මේ මාධ්‍ය සියල්ල රාජපක්ෂලාගේ වුවමනාවට රනිල්ට ගහන්න මෛත්‍රී වටේ එකතු වීමය. මෛත්‍රී, රනිල්ගේ බැඳුම්කර ගනුදෙනුවට ගහන විට මේ මාධ්‍ය මෛත්‍රීව හිතන්න බැරි විදියට පිම්බූහ. මේ මාධ්‍ය මෛත්‍රීගේ බැලුම පුම්බන ගමන් මහින්දගේත්, ගෝඨාගේත් බැලුම් පිම්බූහ. අන්තිමේදී මෛත්‍රීගේ බැලුමේ හුළං ඇර මහින්දගෙයි ගෝඨාගෙයි බැලුම් අහසට යැවූහ. දැන් අරගලකාරයන්ට පින් සිද්ධ වෙන්න මහින්දගේත් ගෝඨාගේත් බැලුම් බිමය. ඒ බැලුම් බිම වැටෙද්දී මාධ්‍ය කලබල වී රාජපක්ෂලාගේ ඉල්ලීමට රනිල්ගේ බැලුම පුම්බලා උඩ ඇරියේය.

ලංකාවේ දේශපාලනයේ ප්‍රචාරණයෙන් උපරිම ප්‍රයෝජන ගත් පළමු පක්ෂය 1956 බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණු හවුලය. ඔවුහු දේශපාලන ප්‍රචාරණය අවිධිමත් ලෙස පාවිච්චි කරමින් ඔවුන්ගේ හතුරා වූ සර් ජෝන් කොතලාවලගේ ප්‍රතිරූපය කුඩේ කුඩු කළහ. සර් ජෝන්ට එරෙහි මාරසේනා පෝස්ටරය හොඳටම වැඩ කළේය. බණ්ඩාරනායකටත් වඩා අතිදක්ෂ ලෙස විධිමත් ලෙස ප්‍රචාරණය පාවිච්චි කළේ 1977 ජේ.ආර්.ය. බණ්ඩාරනායකවරුන්ට එරෙහි පවුල් ගහ කිරි ගහට ඇන්නා වගේ වැඩ කළේය. මේ ප්‍රචාරණය ගැන 1977 පරාජය වී විපක්ෂයට ගිය බණ්ඩාරනායක මැතිනිය 1978 අයවැය විවාදයේදී මරු කතාවක් කීවාය.

‘කතානායකතුමනි, මේ ආණ්ඩුව දුවන්නේ මීඩියාවලින්. ඉන්දියාවෙ ජනතා දාල් ආණ්ඩුව දුවන්නෙත් මීඩියාවලින්. ඉන්දියාවේ ජනතා දාල් ආණ්ඩුව ගැන ඉන්දියාවේ මාධ්‍යයක හොඳ කාටූන් එකක් තිබුණා. එන්ජින් එකක් නැති වාහනයක් මිනිස්සුන්ට විකුණන කම්පැනියක් වගේ ඒ ආණ්ඩුව ජනතාවට බොරු විකුණනවා කියලා. මේ ආණ්ඩුවත් ඒ වගේ…’

මැතිනිය කිව්වා හරිය. ජේ.ආර්. මැතිනියට ගහපු ‘හත් වසක ශාපය‘ 1994 ජේ.ආර්. – ප්‍රේමදාස ආණ්ඩුවට වැදුණේ ‘දාහත් වසක ශාපය’ කියාය. 1977 ජේ.ආර්., මැතිනිය 71 කැරැල්ලේ කොල්ලො කෙල්ලෝ මරපු හැටි කීවාය. ප්‍රේමදාස, ප්‍රේමවතී මනම්පේරි රූප සුන්දරිය මරපු හැටි හඬනගා කීවේය. 1994 මැතිනියට ගහපු භීෂණ කාඩ් එක ජේ.ආර්.-ප්‍රේමදාසට ගහන්න බණ්ඩාරනායකලාට හැකි විය.

1994න් පසු රාජ්‍ය මාධ්‍ය යොදවා දේශපාලන ප්‍රචාරණය ද්වේෂසහගතව පාවිච්චි කළේ චන්ද්‍රිකා සහ මංගලය. රනිල්ට බෑ, රනිල් කොටියා, රනිල් ද්‍රෝහියා වැනි ප්‍රචාරණ උපක්‍රමවලින් රනිල්ගේ ප්‍රතිරූපය කුඩු කළහ. අන්තිමේදී මේ දෙදෙනාම රනිල් හොඳයි කියා රනිල්ට එක්විය.

2015දී මෛත්‍රී-රනිල් සහ මංගල එක්වී රාජපක්ෂලා හොරු බවට පත් කළහ. මේ හොරු ඇල්ලිල්ල කොයි තරම් ජනප්‍රිය වුණාද කීවා නම් හොරු සමග හෙලුවෙන්, අලුත් හොරෙක් ඕනා කියා නාටක රැල්ලක්ද හැදුණි. හැබැයි අන්තිමේදී රනිල් බැඳුම්කර හොරා ලෙස බෞතීස්ම කරන්න රාජපක්ෂලා මාධ්‍ය ලස්සනට පාවිච්චි කළහ. අන්තිමේදී රාජපක්ෂලා බැංකු හොරා කී රනිල්ට ජනාධිපතිකම දුන්හ.

1992 ප්‍රේමදාස මිනීමරුවා කිය කියා පෙළපාළි ගිය මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණය දිනන්න ප්‍රේමදාසට ඇන්දේය. ප්‍රේමදාස මිනීමරුවා කීවේත් මාධ්‍යය. ප්‍රේමදාස ඝාතනය වී වසර ගණනාවකට පසු රටට ප්‍රේමදාස කෙනෙක් ඕනෑ කීවේත් මාධ්‍යය.

මේ, මාධ්‍ය පාවිච්චි කොට හොරු හදන්නයි බොරු හදන්නයි ගියාම වෙන දේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දෙවන පාරටත් සිද්ධ වෙච්ච මහබැංකු මංකොල්ලය ගැන පුබුදු ජාගොඩ ගණන් හිලව් සමග හෙළිකරයි! යහපාලන ආණ්ඩුවේ බැඳුම්කර වංචාව බිලියන 20යි! මේ ‌පාර බිලියන 320ක්! මේකෙ මස්කටු ටික ගියේ කාගේ සාක්කුවටද? VIDEO I Sri Lanka Latest News

Next Post

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති තෝරන සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන ! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.