• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් කොළඹක් හදන බවට ගෝඨාභයගෙන් කොළඹ ජනතාවට පොරොන්දුවක්

July 28, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
අලුත් කොළඹක් හදන බවට ගෝඨාභයගෙන් කොළඹ ජනතාවට පොරොන්දුවක්
Share on WhatsAppShare on Facebook

දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු හඳුනාගනිමින් විධිමත් සැලැස්මක් සහිතව කොළඹ සංවර්ධනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

නිවාස හිඟය, කසල බැහැර කිරීමේ දුෂ්කරතා සහ ගේ දොර ජලයෙන් යටවීම දිස්ත්‍රික්කයේ ජනතාවට බලපා ඇති ගැටළු කිහිපයකි. ඒවාට විසඳුම් දෙමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට අද (28) කොළඹ දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් ජනාධිපතිතුමා මේ බව පැවසිය.

අපේක්ෂක ජනක රණවක මහතා නුගේගොඩ ආනන්ද සමරකෝන් රඟහල අසළ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා ගැටළු සාකච්ඡා කරමින් ජනතාව සමග සුහද කතා බහක නිරත විය.

නිවාස ඔප්පු නොලැබීම, පැල්පතට විකල්පයක් ලෙස නිවාස ලබාගැනීම සහ ගංවතුර පාලනයට විසඳුමක් ලෙස කඩවත – වැල්ලවත්ත ඇල මාර්ගය පුළුල් කර පිළිසකර කිරිම යන ඉල්ලීම් අපේක්ෂක ධනසිරි අමරතුංග මහතා දෙහිවල නගර සභාව අසළ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.

අපේක්ෂක අමල් සිල්වා මහතා අත්තිඩිය ඉරිදා සතිපොළ පරිශ්‍රයේ සහ අපේක්ෂක සමන් ලාල් ප්‍රනාන්දු මහතා මොරටුව ලුණාව කලපුව අසළ සංවිධාන කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ. මොරටුව ප්‍රදේශයට විශාල ප්‍රශ්නයක් වී ඇති පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර කඩිනමින් අවසන් කර දෙන ලෙස රැස්ව සිටි පිරිස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පිළියන්දල ඔරලෝසු කණුව අසළ සහ අපේක්ෂිකා කාන්ති කොඩිකාර මහත්මිය මහරගම, නගරයේ සංවිධාන කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමා ප්‍රදේශයේ ජනතාව සමග සුහද කථා බහක නිරත විය. මහරගම, පමුණුව පදික වෙළෙඳාමේ නිරත 850ක් පමණ  පිරිස  වෙනුවෙන් පොදු ස්ථානයක් සකසන ලෙස යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. තමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී සැලැස්මක් සකස් කළද එල්ල වූ විරෝධතාව නිසා එය ඇණ හිටි බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම නාගරික උද්‍යානයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට මහා සංඝරත්නය ආශිර්වාද කළහ. දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් ස්ථාපනය කරන ලෙස රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. හෝමාගම රෝහලේ අඩු පාඩු කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණ.

නව හැවිරිදි රැසදි සෙත්මිණි ජයවීර දැරිය ගායනා කළ කවියකට සවන් දුන් ජනාධිපතිතුමා ඇය ඇගයීමට ලක් කළේය.

අපේක්ෂක ප්‍රදීප් උඳුගොඩ මහතා බෝමිරිය කිංස්ලී ටී වික්‍රමරත්න ක්‍රීඩාංගණයේ සහ අපේක්ෂක මහේෂ් අල්මේදා මහතා හංවැල්ල නව පොළ පරිශ්‍රයේ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිතුමා සහභාගී විය.

අපේක්ෂක රවින්ද්‍ර ශිරාන් ජයසිංහ මහතා කොස්ගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවේ දී ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබීය. මාළඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන සොනාලි දහම්සා දැරිය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ චන්දන චමත් රුද්‍රිගෝ පුතණුවන් තම මුදල් කැට කොවිඩි අරමුදල වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

ව්‍යාපාරික ධනුෂ්ක විතානගේ මහතා ද කොවිඩි අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

රටට වැඩ කිරීමට 2/3ක බලයක් සහිත පාර්ලිමේන්තුවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවිස්සාවේල්ල නගර සභාව ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවේදී ජනතාව සමග සුහද කතා බහක නිරත වෙමින් ජනාධිපතිතුමා මේ ඉල්ලීම සිදු කළේය.

SendShareShare
Previous Post

රනිල්ට සජිත් පිල උත්තර දෙයි: අගෝස්තු 5 තීන්දුව දෙන බවත් කියයි

Next Post

PHI ප්‍රශ්නයට මහින්ද අද දුන් විසදුම

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.