කොරෝනා වයිරසය රට තුළ පැතිර ගිය අවස්ථාවේදී තම දී තම පක්ෂය රජයට සහාය දුන් ආකාරයටම ඉදිරියේදීත් සහාය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත.
තම පක්ෂය මේ අවස්ථාවේ දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකරන බවත්, ආණ්ඩුවද එසේ කටයුතු කරනු ඇතැයි තමන් සිතන බවත් ඒ මහතා මෙහිදී ප්‍රකාශ කොට තිබේ.










