රට තුළ මේ වනවිට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා බටහිර හා යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් අතර විශේෂ හමුවීමක් සිදුව තිබේ.
විශේෂයෙන්ම දැනට අඩපණ වී ඇති කර්මාන්ත සක්‍රීය කිරීමත්, වැඩි වැඩියෙන් රටට ආධාර කරන ලෙස ඉල්ලා සිටීමත්, උපරිම ආධාර ප්‍රමාණය රටට ලබා ගැනීමත් මෙම හමුවීම්වල ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ.
අද (10) දිනයේ ජර්මානු තානාපති ජෝන් රෝඩ් මහතා සමග ප්‍රේමදාස මහතා සාකච්ජා පවත්වා තිබේ.
මීට අමතරව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය වන සේරා හල්ටන්, යුරෝපා හවුලේ කොමසාරිස් ඩෙනිස් චයිබී සහ අමෙරිකානු තානාපතිනි අලෙයනා බී ටෙප්ලිට්ස් මහත්මිය සමගද සාකච්ජා පැවැත්වීමට ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.








