ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු සමග සාකච්ජා කොට ඇති ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යළිත් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීමට විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇත.
අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහනාම යන හිටපු ක්‍රීඩකයින් වන මෙම කමිටුවට නම් කර ඇති බව වාර්තා වේ.










