ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දීම අරමුණු කරගෙන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් තාක්ෂණ උපදේශ කමිටුවක් පත් කර තිබේ.
එහි සභාපති වරයා ලෙස අරවින්ද සිල්වා මහතා පත් කර ඇත.
සෙසු සාමාජිකයන් ලෙස කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් පත් කර තිබේ.










