• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයියෝ රනිල්! Sri Lanka Latest News

November 24, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අයියෝ රනිල්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහ ලංකාවේ දේශපාලනයේ නොමැකෙන සලකුණක්. ඇත්තටම ඔහු පුරාවෘත්තයක්. කාලයක් තිස්සේ ලංකාවේ දේශපාලනයේ ඉහළ තනතුරු හොබවපු කෙනෙක්. අවසාන වශයෙන් විශ්‍රාම යන්නේ ජනාධිපතිවරයා විදියට. ඒ නිසා ඔහුගේ දේශපාලන ගමන කෙළවර වෙන්නේ ජයග්‍රහණයකින්. නමුත් ඔහු මේ දේශපාලන ගමනෙදී පසුකර ආ සැමරුම් සහ ඔහු ගිය ගමන් මග හරිද, සාර්ථකද කියන එක ගැන ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. රනිල් කියලා කියන්නේ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් වෙච්ච කෙනෙක් නෙවෙයි. රනිල් හැම වෙලාවෙම ජනාධිපතිවරණ තුනකට ඉදිරිපත් වෙලා පරාජයට පත්වුණා. ඒ වගේම රනිල්ගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයට විශාල දේශපාලන ජයග්‍රහණ ලැබුණේ නැහැ. නමුත් රනිල් හැකි උපරිමයෙන්ම තමන්ගේ දේශපාලන ගමන තමන්ට වාසි වෙන විදියට පවත්වාගෙන ගිය කෙනෙක් විදියටයි පේන්නේ. හැබැයි ඔහු රටට වාසිදායක සහ සුබදායක යම් යම් තීරණ ගත්තා. ඒවා ආන්දෝලනාත්මක තීරණ බවට පත්වුණා. (Sri Lanka Latest News)

අපිට කිසි ප්‍රශ්නයක් නැහැ රනිල් වික්‍රමසිංහත් එක්ක. හැබැයි රනිල් වික්‍රමසිංහ අන්තිමට ගෙදර යන්නේ එජාපය ඉවරෙටම ඉවර කරලා.
රනිල් පක්ෂ ගානක් කඩමින් විවිධ ව්‍යාපෘතිවලින් සටකපට දේශපාලනයක් කරපු බවට චෝදනා තියෙනවා. ඒ චෝදනා අතර ඉහළම චෝදනාව බවට පත්වෙන්නේ මේ මොහොතේ අපිට ඇස් පනාපිට පේන එජාපයේ විනාශය. එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂය නන්නත්තාර වෙලා, විනාශ වෙලා, කටඋත්තර නැතිවෙන තැනට පත්කරලා තමයි රනිල් වික්‍රමසිංහ ගෙදර යන්නේ. මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ යම් යම් ආසනවලට විතරයි. එක්සත් ජාතික පක්ෂය තරග කරපු ආසනවලින් ඔවුන් ආසන දිනාගන්නවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සලකුණ නැතිව ඔවුන් තරග කරන්නේ ගෑස් සිලින්ඩරයෙන්. නමුත් අවාසනාවකට මේ ගෑස් සිලින්ඩරයෙන් තරග කරන අය අතර එක්සත් ජාතික පාක්ෂිකයෝ පරාජයට පත්වෙලා ඒ වෙනුවට ජයග්‍රහණය කරන්නේ වෙනත් අය. අනුරාධ, චාමර සම්පත්, ඉන් පස්සේ කළුතරින් රෝහිත. මේ සියලු දෙනාම දේශපාලනික වශයෙන් ජයග්‍රහණ ලැබුවට ඔවුන් එක්සත් ජාතික පාක්ෂිකයෝ නෙවෙයි.

සිරිකොතේ අලියා වෙනුවට ගෑස් සිලින්ඩරය එල්ලලා මේගොල්ලෝ කරන්න හදපු දේශපාලන ජයග්‍රහණය දේශපාලනික පරාජයකින් තමයි කෙළවර වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට මේ වෙලාවේ තමන්ගේ අලියව පැත්තකට දාලා ගෑස් සිලින්ඩරය සිරිකොතේ අලවගන්න තැනට පත්කරලා තමයි රනිල් වික්‍රමසිංහ ගෙදර යන්නේ. මේක ජයග්‍රහණයට වඩා පරාජයක් විදියටයි අපිට පේන්න තියෙන්නේ. මෙවැනි පරාජයන්ගෙන් සැදුම්ලත් දේශපාලන ගමනක් තමයි රනිල්ට තියෙන්නේ. රනිල් 2001දී ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කළේත් ජී.එල්., එස්.බී. ඇතුළු 17 දෙනෙක් චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් එළියට බැහැලා විපක්ෂයට ආපු නිසා. නමුත් 2001 ජයග්‍රහණය කරලා නැවත 2004 පරාජයට පත්වෙනවා. 2005දී මහින්දත් එක්ක තරග කරලා එවරත් ඔහුට ජනාධිපතිවරණය පරාජයට පත්වෙන්න සිදුවෙනවා. ඒ පරාජය නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය නිසා වුණා කියලා කියන්න පුළුවන්. කොහොම වුණත් ඉන් පස්සේ ඔහු බය වෙනවා මේ සටනට එන්න. ඔහු වෙන වෙන අයව දාලා ගේම ගහන බව තමයි අපිට පේන්න තිබුණේ.

මේ වෙලාවේ අපි දැක්කා ලංකාවේ දේශපාලන ගමනෙදී සරත් ෆොන්සේකා, රනිල් වෙනුවට ඉදිරිපත් වුණා. රනිල් සරත් ෆොන්සේකාට මුවාවෙලා සටනට එනවා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේනව කොහෙන්දෝ හොයාගන්නවා. මෛත්‍රීපාල සිරිසේන අනෙක් පැත්තට රනිල්ටම වළ කපනවා. මෛත්‍රීපාල ව අරගෙන ආපු වැඩේ පැත්තකට දාලා ඔහුගෙන් හොඳ පරිප්පුවක් කන්න සිද්ධ වෙනවා රනිල්ට. දවස් 51 මෝඩ දේශපාලන ව්‍යාපෘතියට මූණ දෙන්න සිද්ධ වෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩකට මූණ දෙමින් දේශපාලන ගමනක් තමයි රනිල් වික්‍රමසිංහට අන්තිමට උරුම වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මේක දාලා පැනලා ගියාට පස්සේ තමයි ඔහුට අවස්ථාව ලැබෙන්නේ ජයග්‍රහණය කරන්න. මේ ගේම් එක ගහගන්න. ඊට පස්සේ තමයි ඔහු අනුප්‍රාප්තිකයෙක් විදියට කිසිදා ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය නොලද පුද්ගලයෙක් විදියට ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්නේ. ඒක අභිමානනීය ජනාධිපතිවරණ ජයග්‍රහණයක් නෙවෙයි. ඔහුට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙලා ජය ගන්න බැරි බව අවබෝධ කරගෙන දෝ තමයි රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ මේ විදියේ මුහුණුවරකින් දේශපාලන සටනට එන්නේ.

කොහොම නමුත් රනිල් වික්‍රමසිංහ විශ්‍රාම යන්නේ ජනාධිපතිවරයෙක් විදියට. ඒ නිසා ඔහුගේ දේශපාලන බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඇති. හැබැයි ඔහු අවසාන වශයෙන් අලියා යටතේ එක ජාතික ලැයිස්තු ආසනයක් විතරක් හිමිකරගන්න තැනට පත්වෙනවා. ඉන් පස්සේ අලියා මේ සටහනෙන් මැකිලා යනවා. ඒ දේශපාලන ගමන නිමාවෙනවා. ලංකාවේ ලොකුම දේශපාලන පක්ෂය, ලංකාවේ ලොකුම ඉතිහාසයක් තියෙන දේශපාලන පක්ෂය, ලංකාවේ වැඩිම දේශපාලන ගමනක් ගිය පක්ෂය අවසන් ගමන් යනවා යැයි අපට පේන්න තියෙනවා. ඉතින් කනගාටුදායකයි මෙවැනි තත්ත්වයක් රට ඇතුළේ නිර්මාණය වීම. රනිල් වික්‍රමසිංහ තමන්ගේ දේශපාලන ගමන, තමන්ගේ දේශපාලන අභිමතාර්ථය, තමන්ගේ දේශපාලන සිහිනය ඉෂ්ට කරගන්නා අතරේ අලියට සිද්ධ වෙනවා ආයෙත් පරණ කැලෑව ඇතුළටම ගිහිල්ලා හැංගිලා ඉන්න. ඒ වෙනුවට අලුත් දේශපාලන ව්‍යාපෘති ජයග්‍රහණය කරනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ කනගාටුයි කියලා තමයි.

එජාපය විතරක් නෙවෙයි. රනිල් අනෙක් හැමෝගෙම දේශපාලනයත් විනාශ කළා. තමන් එක්ක එකට දේශපාලනය පටන්ගත්ත කිසිම කෙනෙක් අද රනිල් එක්ක නෑ. ඒ හැමෝම රනිල් අතහැරලා වෙනත් පිල්වලට ගිහිල්ලා. ඒ වගේම රනිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කළා. තමන්ට ජනාධිපතිකම අරගෙන දීපු පොහොට්ටුවත් දෙකට තුනට කඩලා විනාශ කළා. රාජපක්ෂලාව නන්නත්තාර කළා. අන්තිමේදී සිලින්ඩරෙත් විනාශ කළා. ඒ විදියට බලද්දී රනිල් කියන්නේ මේ දේශපාලනයේ ටර්මිනේටර් කෙනෙක්. එහෙමත් නැත්නම් විනාශකාරයෙක්.
හැබැයි අද මේ ටර්මිනේටර්ගෙන් බේරිලා ඉන්නේ සජිත් හා සජබය විතරයි. මේ සුනාමිය මැද්දේ මන්ත්‍රීවරු 40ක් අරගෙන බේරිලා ඉන්නේ සජිත් විතරයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සාක්ෂි 10න් 9ක්ම දින වෙනස් කරලා හදපු බොරු ඒවා! දොස්තර ෂාෆිට කරපු දේට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙන්නෙක්ගෙන් ප්‍රශ්න කරන්න සූදානම්! I Sri Lanka Latest News

Next Post

ක්ලාස්.. ක්ලාස්..! මන්ත්‍රීවරුන්ට දිගටම ක්ලාස්…! I Sri Lanka Latest News

MORE NEWS

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

ලබන සතියේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජී-7 (G7) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, වයස අවුරුදු 16ට අඩු සහ යොවුන් කණ්ඩායම් සඳහා සමාජ...

Read more
නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.