මැතිවරණ පැවැත්වීම සදහා ආණ්ඩුවට මුදල් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අයවැයෙන් මැතිවරණ සදහා මුදල් වෙන් කළද භාණ්ඩාගාරයේ ඒ සදහා මුදල් නොමැති බවකි.
මැතිවරණ පවත්වා මැතිවරණ කොමිසම වීරයන් වීමට උත්සාහ කරන බවද මැතිවරණ පැවැත්වීමෙන් අනතුරුව ජනතාවට විදුලිය, ඉන්ධන නොමැති වුවහොත් කොමිසම එහි වගකීම බාරගත යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
අප ඉකුත් සෙනසුරාදා දින විශේෂ හෙළිදරව්වක් කරමින් ආණ්ඩුව මුදල් නොමැති බව පවසමින් මැතිවරණ කල්දැමීමට සැලසුම් කරන බව හෙළිදරව් කළ ආකාරය පහත පළවේ.