ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය වන අලෙයිනා බී. ටෙප්ලිට්ස් මඑහත්මිය හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර විශේෂ සාකච්ජාවක් පසුගිය සතියේදී පැවැත්වී ඇත.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපතිනියගේ නිල නිවෙසේ මෙම සාකච්ජාව පැවැත්වී ඇත.
ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල රැස්වීම මෙහිදී දෙදෙනා අතර සාකච්ජාවට හේතු වී ඇති අතර ඊට අමෙරිකාව හා බ්‍රිතාන්‍යය එක්ව ලංකාවට එරෙහිව නව යෝජනාවක්චද ගෙන ඒමට නියමිතය.
ඒ අනුව ඊට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා ගැනීම මෙම සාකච්ජාවල අරමුණ වී ඇති බවද දැනගන්නට තිබේ.










