නියමිත පරිදි දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් සිදුකරන ඇප තැන්පත් කිරීම් දිගටම බාර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් අද පස්වරුවේ සියලුම තේරීම් භාර නිලධාරීන් වෙත ලිපියක් යොමු කොට ඇත.
ඒ, කැබිනට් මණ්ඩල නියෝගයකට අනුව ඇප තැන්පත් කිරීම භාර නොගන්නා ලෙසට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවන ලද ලිපියකින් අනතුරුවය.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් යවන ලද මෙම ලිපිය නීති විරෝධී බවත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය.











