ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරි මහමැතිවරණයේදී සිය දිස්ත්‍රීක්කය වන හම්බන්තොටින් තරග නොවැදීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ මහතා තරග වැදීමට බොහෝ දුරට ඉඩ ඇති බව දැනගන්නට ඇත.
මෙවර මහමැතිවරණයේදී ශ්රීලනිපය බොහෝ දුරට පොහොට්ටුව සමග එක්ව තරග කිරීමට නියමිත අතර හම්බන්තොට රාජපක්ෂවරුන්ගේ දේශපාලන රාජධානිය වීම මත අමරවීර මහතාට හම්බන්තොටින් තරග නොකරන ලෙසට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත.










