චීන තානාපති චී ෂෙන්ග්හොං (Qi Zhenhong) අතර හමුවක් සිදු වූ බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, එක්-චීනයක් (one-China) ප්‍රතිපත්තියට මෙන් ම ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම තමන් චීන තානාපතිවරයා හමුවේ නැවත අවධාරණය කළ බව ය.
වත්මන් ගෝලීය ආතතීන් තව දුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැළකිය යුතු බව ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවිඩයේ දක්වා තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, අන්‍යෝන්‍ය ගරුත්වය සහ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, සාමකාමී සහයෝගිතාවට සහ ගැටුම් ඇති නොවීමට වැදගත් පදනමක් බව ය.
Countries must refrain from provocations which further escalate the current global tensions. Mutual respect and non-interference in the internal affairs of countries are important foundations for peaceful cooperation and non-confrontation. (2/2)
— Ranil Wickremesinghe (@RW_UNP) August 4, 2022
During a meeting with H.E. Qi Zhenghong, Ambassador of China, I reiterated Sri Lanka's firm commitment to the one-China policy, as well as to the UN Charter principles of sovereignty and territorial integrity of nations. (1/2)
— Ranil Wickremesinghe (@RW_UNP) August 4, 2022










