ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහමැතිවරණයට තරග කරන්නේ නව සන්ධානයක් යටතේ නව සලකුණකින් බවට එහි නායකයන් පසුගිය කාලයේදී විශාල ප්‍රචාරයක් ගෙන ගියද මේ වනවිට එය විශාල බොරුවක් බව අනාවරණය වී තිබේ.
ඒ, බැසිල් රාජපක්ෂ මහතා විසින් ගොඩනගන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසම වෙත ඊයේ (03) දිනයේ සිදු කළ දැනුම් දීමත් සමගය.
එහිදී කාරියවසම් මහතා සදහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවකි.
ඒ අනුව නව සන්ධානයක් පිළිබදව එහි කිසිදු සදහනක් දක්නට ලැබුණේ නැත.
කෙසේවෙතත් පසුගිය සමයේදී ශ්‍රීලනිප සභාපති මෛත්රිාපාල සිරිසේන, එහි මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පාක්ෂිකයන් මුලා කිරීම සදහා ශ්රීලනිපය අලුත් සන්ධානයක් යටතේ තරග වදින බව දිගටම කියද්දී අප වෙබ් අඩවිය මගින් පැහැදිලිවම කියා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, ඔවුන් කියන නව සන්ධානය කිසිදු බලයක් නැති නාමික එකක් බවත්, අනාගතයේදී ඔවුන්ට තරග වැදීමට සිදුවන්නේ ෙපොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවත්ය.










